මුදල් ඇමතිගේ ගල් බේගලයක් හිරු සලකුණේදී සැනෙකින් මාට්ටුයි.. දිවේකටේ නොගෑවී අන්තිමේ බේගලය පිලිගනී.. [Video]

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දමන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2015 වසරේ ජනවාරි මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බව හිරු රූපවාහිනියේ මාධ්‍යවේදීන් ‘සලකුණ’ වැඩසටහනේදී දැඩිව කියන්දී එය මුලින් පිලි නොගත් මුදල් ඇමති රවි කරුණානායක ටික වේලාකවට පසු එය පිලිගත්තේ කිසිදු දෙයක් නොවූ ලෙසිනි.

එමෙන්ම එම පොලිය ගෙවන මුදල් සීමාවද රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 15 දක්වා ඉහල දැමීමට අතුරු අයවැයෙන් යෝජනා කරනු ලැබීය. මුලින් විමසද්දී මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කරන ලද මුදල් ඇමතිවරයා විරාමයක් අතරතුරදී මහ බැංකු නිලධාරීන් අමතද්දී තමන් කල ප‍්‍රකාශය වැරදි බව තේරුම් ගෙන තිබේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment