අලුත් පක්ෂයේ නායකත්වයට මහින්දගේ නම යෝජනා වෙයි

අලුත් පක්ෂයේ නායකත්වයට මහින්දගේ නම යෝජනා වෙයි (VIDEO)
මීළඟට පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී නව බලවේගය බලය ලබා ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ ඊයේ (27) පැවති ගම්පහ - මිනුවන්ගොඩ ආසනයේ ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇති බවත් තමාටද නව පක්ෂයෙන් ආරාධනාවක් ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට යෝජනාවක් ද ඒකමතිකව සම්මත වී ඇත.

අදාළ යෝජනාව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබේ.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment