ආණ්ඩුවේ මැති ඇමතිලාට ගම්වැසියෝ එලව එලවා හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග‍්‍රහයක් බලෙන් භුක්ති විදිති.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

ආණ්ඩුවේ මැති ඇමතිලාට ගම්වැසියෝ එලව එලවා හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග‍්‍රහයක් බලෙන් භුක්ති විදිති.. [Video]

මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් එම ගොඩනැගිල්ල විවෘත කර රැස්වීම් ශාලාවේ ජනහමුවක්ද පවත්වා එහි තිබු භෝජන සංග‍්‍රහයද භුක්ති වින්දහ.

හිටපු මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ එම ගොඩනැගිල්ල මහින් රාජපක්‍ෂ සමයේ ඉදි කරන ලද්දක් බවත් යහපාලනය යටතේ විවෘත විවෘත කිරීම ප‍්‍රමාද කරන ලද්දක් බවත්ය.

එම ස්ථානයට පැමිණි එජාපයේ මහර ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතාට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම ජනතාව හූ කීහ.


 

No comments:

Post a Comment

Post Bottom Ad