ගැමුණුට විරෝධය දක්වා බස් සංගම් වර්ජනයකට අර අදී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

ගැමුණුට විරෝධය දක්වා බස් සංගම් වර්ජනයකට අර අදී (VIDEO)

ගැමුණුට විරෝධය දක්වා බස් සංගම් වර්ජනයකට අර අදී (VIDEO)

රුපියල් 2500 අවම දඩ මුදල සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ, "අපි වෙනත් පුද්ගලයෝ වගේ බොරුවට වර්ජනය කරනවා කියලා උදේ කියලා, හවසට එහෙම නෑ කියන ප්‍රතිපත්තියේ අය නෙවෙයි. සාකච්ඡාවක් තියෙනවා මුදල් ඇමතිවරයා එක්කත්. ඒ සාකච්ඡාවෙත් ප්‍රතිඵලයක් නැත්නම් අපිටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න සිද්ධ වෙනවා.ව්‍යාපාරය විනාශ කරලා දාන මේ දඩ කොලය ඉවත් කරලා අලුත් ක්‍රමයක් මේ රටට හඳුන්වලා දෙන්න කියලා අපි මුදල් අමාත්‍යවරයාගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරනවා" යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා බස් ව්‍යාපාරය පාවාදීමට කටයුතු කරන බවත් ඔහුට තනිවම වර්ජනයක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් මුළු දිවයිනේම බස් හිමියන්ගේ නායකයා ඔහු නොවන බවත්ය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad