ඇමති විජයදාසගේ අයි.එස් කතාවට රාජිතගෙන් වෙනස් කතාවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

ඇමති විජයදාසගේ අයි.එස් කතාවට රාජිතගෙන් වෙනස් කතාවක් (VIDEO)

ඇමති විජයදාසගේ අයි.එස් කතාවට රාජිතගෙන් වෙනස් කතාවක් (VIDEO)

මෙරට කිසිදු පුරවැසියෙකු ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන අයි.එස් සංවිධානයට බැඳී නොමැති බවත් විදේශයන්ගෙන් පැමිණ අන්තවාදී සංවිධාන කිසිවක් සම්බන්ධයෙන් මෙරට දේශන නොපවත්වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත ‍ සේනාරත්න මහතා පවසයි.

මෑතකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අයි.එස් සංවිධානයට ලාංකිකයින් 32 දෙනෙකු බැඳී ඇති බවට කළ ප්‍රකාශය අසත්‍යක්දැයි ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක්වූ සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඊට තමා සෘජු පිළිතුරක් ලබාදුනහොත් හෙට දින පුවත්පත්වල "රාජපක්ෂ බොරු කීවා-රාජිත කියයි"යනුවෙන් පුවත් පළවෙනු ඇති බවයි.

එබැවින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා බොරු කීවාදැයි තමන් නොකියන නමුත් අයි.එස් සංවිධානයට ලාං‍කිකයින් කිසිවෙකු බැඳී නොමැති බව පමණක් කිවහැකි බව ඔහු සඳහන් කළේය.

එසේම විදේශයන්ගෙන් පැමිණ අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල නියෝජිතයින් දේශන පවත්වන බවට එල්ලවන චෝදනාවද,අසත්‍යයක් බව ප්‍රකාශ කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, බේරුවල ප්‍රදේශයට එලෙස පැමිණෙන පිරිස් ගැන එන්.අයි.බී යෙන් පරීක්ෂණ පවත්වා රටට ඇතුළුවන්නට ඉඩදී ඇති බවත්,තවදුරටත් ඒ පිරිස් ගැන බුද්ධි අංශ සෝදිසියෙන් සිටින බවත් පෙන්වාදුන්නේය.

ඒ අනුව එවැනි අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය සඳහා දේශන පවත්වන්නන් පිළිබඳවද කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති බව සේනාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad