ඩී. ඒ. රාජපක්‌ෂ ගුණ සමරුවට ආ මර්වින්ට හූ සංග්‍රහයක්‌ - මර්විනුත් හූ කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

ඩී. ඒ. රාජපක්‌ෂ ගුණ සමරුවට ආ මර්වින්ට හූ සංග්‍රහයක්‌ - මර්විනුත් හූ කියයි (VIDEO)

ඩී. ඒ. රාජපක්‌ෂ ගුණ සමරුවට ආ මර්වින්ට හූ සංග්‍රහයක්‌ - මර්විනුත් හූ කියයි (VIDEO)

කොළඹ නව නගර ශාලාවේ ඊයේ (17) පස්‌වරුවේ පැවති ඩී. ඒ. රාජපක්‌ෂ ගුණසමරු දේශනය ආරම්භ වීමට මොහොතකට පෙර එහි පැමිණි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා රාජපක්‌ෂ පිළිරුවට මල් කළඹක්‌ තබා උපහාර දැක්‌වීමට සූදානම් වූ අවස්‌ථාවේ රැස්‌ව සිටි පිරිස ඔහුට හූ කියමින් දැඩි විරෝධය එල්ල කළහ.

මර්වින් සිල්වා මහතා උත්සව ශාලාවේ ඉදිරිපිටට යමින් සිටියදී හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා දැක ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කර ඇත. එහිදී ගීතාංජන ගුණවර්ධන මහතා මර්වින් සිල්වා මහතාට දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කළේය. 

"අද උදේත් රූපවාහිනි සාකච්ඡාවකදී රාජපක්‌ෂ පවුලට දැඩි ලෙස බැණ වැදී මෙහි කුමකට ආවේ“ දැයි එහිදී ගීතාංජන ගුණවර්ධන මහතා මර්වින් සිල්වා මහතාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් මර්වින් සිල්වා මහතා තමන්ට මුලින්ම රැකියාව දුන්නේ ඩී. ඒ. රාජපක්‌ෂ මහතා බැවින් ඊට කෘතගුණ දක්‌වන්නට පැමිණි බව කියමින් ඉදිරියට ගියේය. පසුව මර්වින් සිල්වා මහතා මල් කළඹක්‌ ගෙන ඩී. ඒ. රාජපක්‌ෂ පිළිරුව අභියසට යෑමට වේදිකාවට ගොඩවෙද්දී ශාලාවේ රැස්‌ව සිටි පිරිස "බල්ලා, බූරුවා, ගුණමකුවා උඹ මොකට මෙහේ ආවාද" කියමින් හඬ නඟා බැණ වදින්නට වූහ. 

ඒ සමඟම වේදිකාවෙන් බැස ආ මර්වින් සිල්වා මහතා ශාලාවේ සිටි පිරිසට විවිධ දේ කියමින් ඔහු සමඟ පැමිණි අයකු සමඟ කඩිනමින් පිටව ගියේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad