කොහොඹ සබන් හිමිකාරිනී අමාරි මන්දිකා UK නව ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර රැජිණගෙන් ලබාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

කොහොඹ සබන් හිමිකාරිනී අමාරි මන්දිකා UK නව ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර රැජිණගෙන් ලබාගනී


එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස අමාරි මන්දිකා විජේවර්ධන මහත්මිය පත්කොට තිබේ. පසුගිය (15දා) ඇය සිය අක්තපත්‍ර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙත බකිංහැම් මාලිගාවේදී බාරදුන්නාය.



මෙහිදී සාම්ප්‍රදායික ලෙස රාජකීය අශ්ව කරත්තයකින් ඇය මාලිගාව වෙත කැඳවාගෙන එන ලදී. කොහොඹ සබන් ඇතුළු නිස්පාදන රැසක් සිදුකරන ස්වදේශී සමාගමේ  සභාපතිනිය මෙන්ම කළම‍‍‍‍නාකරණ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අමාරි මන්දිකා වසර 36ට අධික කාලයක් කළමනාකරණයේ හා පරිපාලනයේ අත්දැකීම් ඇති තැනැත්තියකි.
මෙම තනතුරට සංගක්කාර ඇතුළු විවිධ අය මින් පෙර යෝජනාවී තිබුණත් අවසානයේ  අමාරි මන්දිකා තේරී පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad