සිසුන් දෙදෙනෙක් මහවැලි ගඟට බිලි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

සිසුන් දෙදෙනෙක් මහවැලි ගඟට බිලි (PHOTOS)

සිසුන් දෙදෙනෙක් මහවැලි ගඟට බිලි (PHOTOS)

කටුගස්තොට, පොලේගාල්ල මහවැලි විදුහලේ 11 වන ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකු ඊයේ (10) පස්වරුවේ පෝල්ගොල්ල ජලාශයට පහළින් මහවැලි ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී මියගොස් ඇත.

මෙම සිසුන් පල්ලේ ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි තම මිතුරෙකුගේ නිවසට ගොස් දහවල් ආහාර ගෙන පස්වරුවේ එම මිතුරාද සමඟ දිය නෑමට මහවැලි ගඟට ගොස් තිබේ.

එම අවස්ථාවේ මොවුන් ජලයේ ගිලී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ගඟ ආසන්නයේ පදිංචි මිතුරා සබන්ගාමින් සිටයදී අනෙක් මිතුරන් දෙදෙනා දියේ ගිලී ඇති අතර මළ සිරුරු ඊයේ පස්වරු 04.00ට පමණ ගොඩගෙන තිබේ.

මියගොස් ඇත්තේ පල්ලේ තපවින්නේ පදිංචි නිපුන් මධුෂංඛ හා දොරගමුව ලියන්වල පදිංචි නිවන්ත නයනජිත් නමැති 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

වත්තේගම පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප පහතින්.

මහනුවර - කමල් සුරවීර

 

No comments:

Post a Comment

Post Bottom Ad