නිමල් ඊයේත් නිදි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

නිමල් ඊයේත් නිදි (PHOTOS)


යහපාලන රජයේ තෙවන අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

පැය කිහිපයක් තිස්සේ සිදුකෙරුණු ඔහුගේ අයවැය කතාව අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සුළු බාධාකිරීම් ද විවිධ අවස්ථාවල දී ඇති වූ බව දක්නට ලැබුණා.

මේ අතරවාරයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නින්ද ගොස් සිටි අයුරු විවිධ පාර්ශවයන්ගේ කතාබහට ලක්ව තිබෙනවා.

ජාතික පුවත්පත් තුළ පවා එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පළ කොට ඇති අතර සමාජ ජාල තුළ ද එය උපහාසයට ලක් කරමින් විවිධ මත පළ වී ඇති බව දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් නිමල් සිරිපාල අමාත්‍යවරයා ප්‍රසිද්ධ සභාවල දී නින්දට පත්වීම මීට පෙර ද විවිධ අවස්ථාවල දී වාර්තා වුණා.

ඡායාරූප පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad