බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩුදී ඇති පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම NDB බැංකුවේ කොටස් මිලදී ගෙන ඇතැයි හෙළි වී තිබේ.
ඔක්තෝම්බර් 31 වන දින නිකුත් කළ NDB බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයේ ඒ බව සඳහන් වේ.
පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම කොටස් මිලියන 6.2 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය බැංකුවේ සමස්ත කොටස් වලින් 3.7%කි.
මේ අතර පර්පෙචුවෙල් ඉක්විටි නමැති සමාගමක් ද NDB බැංකුවේ 2.4% ක කොටස් මිලදී ගෙන තිබේ.
පසුගිය ජුනි 30 වනදායින් අවසන් කාර්තුව ට නිකුත් කළ කොටස් හිමි ලේඛනයේ මුල් කොටස්කරුවන් 20 දෙනා අතරට පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගම සහ පර්පෙචුවල් ඉක්විටි ඇතුළත්ව නොතිබිණි.
එම වීඩියෝව පහතින්,
No comments:
Post a Comment