ISIS ක්‍රියාත්මකයි … මවුබිම අනතුරේ…..ආපසු හැරි බැලිමට කාලයයි මේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

ISIS ක්‍රියාත්මකයි … මවුබිම අනතුරේ…..ආපසු හැරි බැලිමට කාලයයි මේ

මෙරට පුද්ගලයන් තිස්‌ දෙදෙනකු සිරියාවට ගොස්‌ අයි එස්‌ අයි එස්‌ සංවිධානය හා සම්බන්ධව සිටින බවද ගුරුවරුන් බව පවසමින් මෙරට මුස්‌ලිම් පාසල්වලට පැමිණෙන විදෙස්‌ පුද්ගලයන් කිහිපදෙනකු දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා පසුගියදා අනාවරණය කිරිමත් සමග අයි එස්‌ අයි එස්‌ සංවිධානයේ සමාජිකයන් සම්බන්ධයෙන් අප කල අනාවරණයන් සියල්ලම සත්‍යක් බව තවදුරටත් තහවුරු වි තිබේ.

ජාත්‍යන්තරය කුමක්‌ ප්‍රකාශ කළත් අවශ්‍ය වුවහොත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යළි ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. අයිඑස්‌ අයි එස්‌ සංවිධානය කෙරෙහි ජනතාව තුළ විශාල බියක්‌ ඇතැයි කී ඇමැතිවරයා මෙරට ක්‍රියාත්මක විදේශ බුද්ධි අංශ කිහිපයක්‌ ඔස්‌සේ අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවුල් හතරකට සම්බන්ධ පුද්ගලයන් තිස්‌ දෙදෙනකු අයි එස්‌ අයි එස්‌ සමඟ සම්බන්ධ වීමට සිරියාවට ගොස්‌ ඇති බව යෑයිද ප්‍රකාශ කළේය.

මේ අය සාමාන්‍ය පවුල්වල අය නොවේ. උගත් සමාජ වැදගත් කමක්‌ ඇතැයි පිළිගන්නා, පවුල්වල අය. බේරුවල, කල්මුණේ කල්එළිය සහ කුරුණෑගල මුස්‌ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පවත්වන්නට සංචාරක වීසා මත පිරිස්‌ එනවා. ඔවුන් මේ දරුවන්ගේ මනසේ අන්තවාදය වපුරනවා. දරුවන්ගේ මනස විකෘති කරනවා. බරපතළ ගැටලුවක්‌ ඇතිවෙමින් තිබෙනවා.

තවුපික්‌ ජමාද්, ජමාතේ ඉස්‌ලිම්, තව්ලික්‌ ජබාද්, සුන්නත්වැල් ජමාද් නමින් නිකායන් හතරක්‌ තියෙනවා. ඔවුනොවුන් ගහ මරා ගන්නවා. මිනි මැරුම් සිදුව තිබෙනවා. බරපතළ සිද්ධීන් 15 ක්‌ වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ අභ්‍යන්තර අරගලය රටේ අරගලයක්‌ ලෙස පත්කර රට යළි අරාජික කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

ඒ අනුව ලංකාව තුල වත්මන යහපාලනයට සම්බන්ධව සිටින සිරිසේන ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලංකාවේ ක්‍රියාත්මක වන ISIS ත්‍රස්තවාදීන් සමග කෙලින්ම සම්බන්ධ බවට අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර සිටියා.

අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලි‌මේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් උත්සහ කලේ අප කල අනාවරණය අසත්‍යක් බව ජනතාව හමුවේ පෙන්විමටයි.



(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad