ජනපතිගෙන් FCIDට ඔත්තුවක්.. කෝටි හාරසියයේ ‘නිල්වලා බෝම්බය’ පත්තු වෙයි.. ඇමති නිමල් සිරිපාල ගස්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

ජනපතිගෙන් FCIDට ඔත්තුවක්.. කෝටි හාරසියයේ ‘නිල්වලා බෝම්බය’ පත්තු වෙයි.. ඇමති නිමල් සිරිපාල ගස්..

නිමල් සිරිපාල සිල්වා වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස සිටි කාල වකවානුවේදී නිලවල ගග ව්‍යාපතිය සඳහා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් කරන ලද ඉල්ලීම මත අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. එය රුපියල් මිලියන 4012 කි.

එහෙත් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කල ප්‍රකාශ කල පරිද එම ව්‍යාපතිය සඳහා ලබාදි ඇති එම මුදලට කිසිම දෙයක් සිදුවී නැති බවයි.

නව රජය බලයට පත්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කල අතර නව රජයේ එනම් දින 100 යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායක අමාත්‍යවරයාය.

ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ ශ්‍රිලනිප ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජනාධිපතිවරනයට තරග කල අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සමඟ සිටි අමාත්‍යවරයෙකි.

2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

එබැවින් සැබෑ ලෙස මෙතරම් විශාල මුදලක් අදාළ අමාත්‍යාංශයට ලැබීමෙන් පසු එම මුදල් අවශ්‍ය කාර්යය සඳහා යොදවා නැත්නම් එම කාලයේ අමාත්‍යාංශය භාර සිටි ඇමැතිවරයා ඊට වග කිවයුතු බව පසුගියදා FCID විසින් කරනු ලැබු පරීක්ෂණවලින් පැහැදිලි වන අතර ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ වර්තමානයේ සිටින ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් සම්බන්ධව ගන්නා තීරණය ජනතාව බලා සිටුනු ඇත.

2012 මැයි මස 26දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එවකට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් කැදවා වසර 28 පමාවි ඇති නිල්වලා ගග ව්‍යාප්තිය වහාම ආරම්භ කරන ලෙස උපදෙස් දෙන ලදි.

මාතර ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම කුඹුරුවලට මුහුදු වතුර ඒම වැලැක්වීම සහ හම්බන්තොට, මාතර යන දිස්ත්‍රික්වලට පානිය ජලය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.මෙම සඳහා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින්ද සහභාගි වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස වූයේ සිංගප්පූරු ‘මරිනා බරාජ්’ පිරිසිදු පානිය ජල ව්‍යාප්තිය සමාන යෝජනා ක්‍රමයට මෙම ව්‍යාප්තිය ස්ථාපිත කොට ගංවතුර හා ඉඩම්වලට මුහුදු ජලය ඒම වලක්වා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අවශ්‍ය පරිදි මෙම නිල්වලා ගග යෝජන ක්‍රමය හැකි ඉක්මනින් නිමකරන ලෙසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස මේ සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කරන බවත් මෙම යෝජනා ක්‍රමය නිසා මොනම විදියකින් හෝ මාතර දිස්ත්‍රික්කයේ ස්වභාවික පරිසරයට හානි නොවීමට අමාත්‍යාංශ නිලධාරින් වග බලාගත යුතු බවත් එහිදි ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදිද අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

No comments:

Post a Comment

Post Bottom Ad