අසනීපයි කියා විමල් FCIDයෙන් එළියට එයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

අසනීපයි කියා විමල් FCIDයෙන් එළියට එයි 

අසනීපයි කියා විමල් FCIDයෙන් එළියට එයි 

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(07) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබේ. 

එහිදි සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබුණු අතර ඊට අනුමැතිය ලැබීමෙන් පසුව මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබේ.  

පසුගිය රජය සමයේ නිවාස, ඉංජිනේරු සහ ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබිණි. 

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බව සඳහන් කරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් පිටව ගොස් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad