ජනපති හෙළිකල නිල්වලා වංචාව ගැන FCID බී වාර්තාව මෙන්න   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

ජනපති හෙළිකල නිල්වලා වංචාව ගැන FCID බී වාර්තාව මෙන්න  

ජනපති හෙළිකල නිල්වලා වංචාව ගැන FCID බී වාර්තාව මෙන්න  

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය 26 වැනිදා ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන අමතමින් විශේෂ හෙළිදරව්වක් කළේය.

ඒ පසුගිය රජය සමයේ නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක‍්‍රමිකතාවයක් පිළිබඳවද කරුණු අනාවරණය කරමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“මට ඊයේ ආවා භාණ්ඩාගාර ලිපි ගොනුවක්. භාණ්ඩාරගාර ලිපිගොනුවේ තියෙන්නේ තමුන්නාන්සේලාගේ අල්ලපු දිස්ති‍්‍රක්කයේ මාතර නිල්වලා ගගේ ව්‍යාපෘතිය. චීන සමාගමක් එකක් 2012 ගිවිසුමක් ආණ්ඩුව අත්සන් කරලා තියෙනවා. ඒ ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්න 2012 මුදල් අමාත්‍යාංශය රුපියල් මිලියින 1000 ක චෙක් එකක් දීලා තියෙනවා. කෝටි සියයක් දිලා තියෙනවා. ඒ 2012 . 2015 ජනවාරි මාසේ 07 වෙනිදා. තමුන්නාසේලා මතකයි මගේ ඡන්දය ජනවාරි 08 වෙනිදා ගිය ජනාධිපතිවරණය.

2015 ජනවාරි 07 වෙනිදා භාණ්ඩාගාරය නිකුත් කරනවා නිල්වලා ගෙග් ව්‍යාපෘතියට දෙවෙනි චෙක් එක මිලියන් 3012 යි. 2012 මිලියන් 1000 යි. කෝටි 100 යි. චෙක් එක. 2015 ජනවාරි මාසේ 07 වෙනිදා මගේ ඡන්දයට කලින් දවසේ භාණ්ඩාගාරයෙන් නිකුත් කරනවා චෙක් එකක් මිලියන 3012 යි. දෙකම එකතු කරපුහම මිලියන 4012 යි. 2015 ජනවාරි මාසේ 07 වෙනිදා අමාත්‍යාංශය වැඩ කෙරිච්ච දවසක්ද? මොන අමාත්‍යාංශය එදා වැඩ කෙරුවේ. මොන රජයේ කාර්යාලයේද එදා වැඩ කෙරුවේ. මිලියන 4012 යි කියලා කියන්නේ රුපියල් කෝටි 400 කට වැඩියි. කෝටි 442 යි.“ යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ගිං හා නිල්වලා ගංගා හැරවුම් ව්‍යාපෘතිය සඳහා ගෙවූ අත්තිකාරම් දුෂිත හා අක්‍රමිකතා අයුරින් ගෙවා ඇති බවට දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා FCID ය හමුවේ පැමිණිලක් සිදුකර ඇති අතර එය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව 2015 වර්ෂයේ ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය සඳහා 2015 වසරේ රුපියල් මිලියන 40ක් පමණක් වෙන්ව තිබියදී ඒ සඳහා රුපියල් මිලියන 3012ක් එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන China CANC Engineering සමාගමට ගෙවා ඇති අතර එම ව්‍යාපෘතිය එම වර්ෂයේ ආරම්භ නොකොට අතහැර දමා ඇත. එසේ අතහැර දැමු ව්‍යාපෘතිය සඳහා ඇප බැඳුම්කර රාජසන්තක කොට අත්තිකාරම් මුදල් මේවනතෙක් රජයට අයකරගෙන නොමැත. එනම් මහා පරිමාණයෙන් රාජ්‍ය ධනය අවභාවිතයක් මෙහිදී සිදුවී ඇති බවට කරුණු වාර්තාවේ.

කැබිනට් අනුමැතිය අනුව 2015 වර්ෂයේ මෙම ව්‍යාපෘතියට මිලියන 40ක් පමණක් වෙන්ව තිබියදී මිලියන 3012ක් අදාළ සමාගමට ලබා දීම අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත නොකොට රුපියල් මිලියන 2972 ක් පාර්ලිමේන්තුවේ මුදල් බලතලද උල්ලංඝණය කරමින් රටේ නීතියට පිටින් අයථා අයුරින් අවභාවිතා කලේ කාගේ උවමනාව මතද යන්න මෙහිදී ඇතිවන ගැටලුවකි.

තවද මෙම මුදල් වෙන්කළ ඇති කාලසීමා සලකා බැලීමේදී මෙහි පළමු මුදල් අත්තිකාරම ලෙස රුපියල් මිලියන 1000ක් 2014.11.24 දින ගෙවා ඇත. දෙවන  මුදල් අත්තිකාරම ලෙස රුපියල් මිලියන 2009ක් 2015.01.01 දින ගෙවා ඇත. තෙවන  මුදල් අත්තිකාරම ලෙස රුපියල් මිලියන 1003ක් 2015.01.06 දින ගෙවා ඇත. මේ අනුව රුපියල් මිලියන 4012ක දැවැන්ත මුදල් ප්‍රමාණයක් මෙම ආරම්භ හෝ නොකළ ව්‍යාපෘතියකට වෙන් කොට ඇත.

ඉහත කාලවකවානුවල මෙම ගෙවීම් ඒ අයුරින් කල බවට එවකට හිටපු හා දැනට සිටින වාරිමාර්ග හා ජාල කළමනාකරණ අමාත්‍යංශ ලේකම්වරුන් විසින්ද FCIDය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත.

ගිං හා නිල්වලා ගංගා හරවන මුවාවෙන් පසුගිය රජයේ ප්‍රබලයින් රාජ්‍ය භාණ්ඩාගාරය තම සේප්පුවකට හරවාගෙන රජයේ මුදල් අමු අමුවේ අවභාවිත කොට ඇති බව සිතිය හැකි අතර මෙම පරීක්ෂණ නිමා වන විට මෙම වංචා දුෂණ වලට අදාළ මහ මොළකරුවන් හෙළිවනු ඇත. 

මෙම මුදල් අවභාවිතය හා සම්බන්ධ FCIDය මගින් නිකුත්කළ බී වාර්තාව පහත දැක්වේ.

nilwala 1

nilwala 2

 

 

No comments:

Post a Comment

Post Bottom Ad