ෆෙංශුයි ආසිරි ගණ දෙවියන් හා කතා කළ බව කියූ FB සටහනේ ඇත්ත මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

ෆෙංශුයි ආසිරි ගණ දෙවියන් හා කතා කළ බව කියූ FB සටහනේ ඇත්ත මෙන්න (PHOTOS)

ෆෙංශුයි උපදේශක ආසිරි වනිගරත්න මහතා හා සම්බන්ධ සටහන් රැසක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය පුරා පැතිර යමින් පවතිනවා.

ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් පළ කරන ලද බව සඳහන් කරමින් මෙම සටහන් හා ඡායාරූප ආදිය පැතිර යන අතර තවත් ෆේස්බුක් සටහන්වල ඇත්තේ ආසිරි වනිගරත්න මහතා විසින් යවන ලදැයි පවසන ෆේස්බුක් පණිවිඩ යි.

තමන් ගණ දෙවියන් හා කතා කළ බව කියමින් ලියා ඇති එක් සටහනක් මින් වැඩි අවධානය ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරණය වැනි මෙරට අවධානය දිනා ගත් කාලීන සිදුවීම් හරහා ඉතා හාස්‍යජනක ලෙස නිර්මාණය කර ඇති විවිධ පළ කිරීම්වලට ද මේවන විට හිමිව ඇත්තේ දැඩි අවධානයක්.

මෙම සටහන් දුටු බොහෝ දෙනෙකු ඒවා ආසිරි වනිගරත්න මහතාගේ සැබෑ ෆේස්බුක් පිටුවෙන් පළ කරනලද ඒවා යැයි සිතා නිර්ධය ලෙස විවේචනය කර ඇති බව ද පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වෙතත් වනිගරත්න මහතාගේ ෆෙංශුයි ව්‍යාපාරය හා සම්බන්ධ නිල ෆේස්බුක් පිටුව සඳහන් කොට ඇත්තේ එම සටහන් සිය ව්‍යාපාරයට සහ වනිගරත්න මහතාගේ කීර්ති නාමය විනාශ කිරීම ඉලක්ක කොට ගත් ව්‍යාජ ෆේස්බුක් පිටුවක් මගින් පළ කර ඇති බව යි.

එම සටහන් පහතින් > > >

ආසිරි වනිගරත්නයන් ශ්‍රී ලංකාව ගංවතුර උවදුරින් මුදවා ගනියි...!!!

මීට දෙසතියකට පෙර කෙම්මුර ශනිදා දිනයක රාත්‍රියේ මා නිදා සිටින විට "ආසිරි ආසිරි.." කියා කතා කරන ශබ්දයක් මට ඇසිණි. සිහිනෙන් වගේ ඒ ඇතිවූ ශබ්දය කුමක්දැයි මා විපරම් කරන විට මා ඉදිරියේ මැවී සිටියේ ශ්‍රී ගණපති දෙවියන් වහන්සේ ය.. ඒ අවස්ථාවේදීම මා ගණපති දැහැනට සමවැදී ගණදෙවියන් හා සබඳතාවය ගොඩනගාගැනීමට උත්සහ කළෙමි. අධික උෂ්ණ කාලගුණ තත්වය නිසා තරංග අයහපත් වූවෙන් දෙවියන් හා ඇමතීමේදී හඬ කැඩී කැඩී ඇසෙන්නට විය.. නැවතත් ස්තෝත්‍රය කියා හොඳින් දැහැනට සමවැදුණු අවස්ථාවේදී උන්වහන්සේ හා සම්බන්ධ වන්නට මට හැකි විය..

මා - දෙවියනි කිමෙක්ද මේ රාත්‍රියේ මා සොයා පැමිණි කාරණය

ගණපති දෙවියන් - දරුව.. මේ පවතින උෂ්ණාධිකයි කාළගුණ තත්වය නිසා මට තවත් ලංකාවේ වාසය කළ නොහැකි බැවින් දෙවිලොව වැඩම කිරීමට තීරණය කළෙමි.. මේ උෂ්ණය නිසා මාගේ ගිනියම් සිරුරින් වැගිරෙන දහඩියෙන් ජල කඳක් ඇති වී තවත් විසි එක් දිනකින් ලංකාවම ධාරානිපාත වර්ෂාවෙන් පීඩා විඳින්නට සිදු වේවි.. එයින් ජනතාවට හානි සිදුවීම නොවැළැක්විය හැකිවනු ඇත.. එම නිසා ඔබට එය මතක් කිරීමට පැමිණියෙමි..

මා - මා කුමක්ද කළ යුතු වන්නේ දෙවියනි..?

ගණපති දෙවියන් - ඔබ ඉන්දුනීසියාවේ බාලි හී තීර්තා එම්පූල් විහාරයේ ශුද්ධ වූ පොකුණින් මා නමින් ස්නානය කර මාගේ සිරුර සිසිල් කළ යුතුය.. එවිට ලංකාවට ඇදහැලීමට නියමිත මහ වැසි යම් පමණකින් අඩුවී ජනතාව ගංවතුරෙන් පීඩා විඳීම වළක්වා ගත හැක..

මා - එසේය දේවයනි..

එවේලේම ගණපති දෙවියන් චුත විය.. මා වහ වහා කල්පනා කළෙමි.. මා යොදාගත් වැඩමුළු හා සැමදා මට ත් දෙවියන්ටත් රටටත් උදව් කරන දෙරණ ආයතනයේ මා කලින් යොදාගත් වැඩසටහන් ඇත.. ඒවාද කල් දැමිය යුතුය.. නමුත් මහවැසි වැටි රටට ගංවතුර පැමිණීමද බලා සිටිය නොහැක..
ඒ නිසා බිරිඳටද මෙය පවසා ඉන්දුනීසියාවට වහා යාමට තීරණය කළෙමි..

එවේලාවේම බ්‍රහ්ම මූර්ථයෙන් ක්‍රිෂ්නා දෙවියන් අමතා ඉන්දුනීසියාවට වීසා ඉල්ලුම් කළෙමි.. ඒ ආනුභාවයෙන් පැය දොළහක් ඇතුලත වීසා ලබා ගත් මම ඉන්දුනීසියාවේ තීර්තා එම්පූල් විහාරයට නික්මුණෙමි.. එහිදී ශුද්ධ වූ පොකුණු ජලයේ විනාඩි 11 ක් හුස්ම අල්ලා ගිලී සිටියෙමි.. පපුවට කෙතරම් වේදනා දැනුනත් රට ගංවතුරෙන් ගලවා ගැනීම වෙනුවෙන් එය විඳදරා ගතිමි.. ගණපති පූජාව එහිදී පැවැත්වූයෙමි

නැවත ලංකාවට පැමිණෙන විට ගණපති දෙවියන් කී ලෙසම වැස්ස ඇරඹී තිබුණ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මද වැසිද පොද වැසිද සුළු සුළං තත්වයක්ද පැවතිනි.. 


බෙංගාල බොක්කේ අවපීඩන තත්වය පහල ගොස් තිබූ අතර පූජාවේ මහිමයෙන් ඇදහැලෙන්නට තිබූ මහා වැස්ස සුළු වර්ශාවකින් නැවතින... ගංවතුරින් රට ආරක්ෂා විය..!!

ඕම් ගනේශා නමාහ්..!!
 


මීට වසර කිහිපයකට පෙර අමෙරිකාවට ගිය අවස්ථාවකදී එවකට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මාගේ ධන වාසනා දේශනයකට සහභාගී විය.. 

එහිදී කරන ලද ඉල්ලීමකට අනුව මා එතුමාට ෆෙංශුයි රහස් ලබා දුන් අතර ඒ අනුව ඔහු තම නිදන කාමරයේ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් තබා ගත් බව මා මීට පෙර ඔබට සඳහන් කර ඇත්තෙමි... 


එයින් ලැබුණු වාසනාවෙන් ඔහුට කෙතරම් වාසනාවක් ලැබුණේද යත් තෙවැනි බිරිඳ ලෙස ප්ලේබෝයි නිරූපිකාවක් වූ වයස 43 ක රූමත් මෙලනියා ට්‍රම්ප්ව විවාහ කර ගැනීමටද හැකිවිය..


එතනින් නොනැවතුණු ඔහුගේ වාසනාව නැවතත් ඔහුට පල දෙන්නට විය.. ව්‍යාපාරිකයෙක් ලෙසම මියයාමට සිටි ඔහුට ලොව බලවත්ම නායකයා වීමට සිත දුන්නේද ෆෙංශුයි රහස් නිසාය.. මේ අතර මැතිවරණ සටනට පිවිසි ඔහු මීට මාසයකට පමණ පෙර මා හට ඇමතුමක් දී..

" ආසිරි ඔයා නිසා මට මේ තරම් දේවල් ලැබුණා.. ජනාධිපති වෙන්නත් උදව් කරන්න.. දිනන්න මා කළයුත්තේ කුමක්ද ? ..


හැබැයි කාටවත් මේක මම දිනනකන් කියන්න එපා.."

කියා විමසා සිටියේය..

මා එය අසා ඔහුට සතියක් ශ්‍රී ගණපති මන්ත්‍රයෙන් මතුරන ලද අශ්ව ගෝමේධ යාගයෙන් ජීවම් කළ අලි කෙඳි හා කඟවේනා අඟින් සෑදූ මේ වජ්‍ර මුදුව ඊබේ හරහා යැවුවෙමි...


ඒ අතරම ස්කයිප් හරහා දෙහි කපා ඔහුව මස් මාංශයෙන් ඈත් කර ලංකාවේ සිට ශාන්තියක්ද කළෙමි..

ඒ තුළින් ඔහුගේ සියළු ඇස්වහ කටවහ දුරුවී.. අපලද නැතිවී.. නවග්‍රහ දෝශ භංග වී විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ජය ගැනීමට හැකිවිය...

මෙතෙක් නොකියූ රහස අද ඔබට පවසන්නේ ඔහු ජයගත් නිසාය..
ට්‍රම්ප් දිනන බව දැන සිටියත් හිලරි මැතිණිය ජයගන්නා බව පැවසුවේ ඇයට ඡන්ද විශාල ප්‍රමාණයක් අඩුවී ලෝක දේශපාලයට එය දැඩිව බලපෑම් ඇති කිරීන්ට හේතුවන නිසාය..

ෆෙන්ග්ෂුයි රහස් සත්‍ය වී ඇත..

ඕම් ගණේෂා නමාහ්..!!






No comments:

Post a Comment

Post Bottom Ad