අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට (CCTV වීඩියෝව) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට (CCTV වීඩියෝව)

අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට (CCTV වීඩියෝව)

ඊයේ (20) මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් 04ක් පමණ දුරින් පිහිටි කබල්ගස්තැන්න ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 20ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට පැමිණි අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබේ.

ඊයේ උදෑසන 8.40ට පමණ මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානය අසළ රැදී සිටි  පුද්ගලයින් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබුණි.

තුවාල ලැබූ දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බැබිලගොල්ල - ගල්හින්න ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වන අතර තුවාල ලැබූ 21 හැවිරිදි තරුණයා මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා පැවසීය.

මේ අතර, වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය ද පූජාපිටිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී හමුවී තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ පෞද්ගලික අමනාපයක් හෝ ව්‍යාපාරික හේ්තුවක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad