හිලරි පරාජයට හේතු කියයි

තම මැතිවරණ පරාජයට FBI ප්‍රධානී ජෝන් කොමෙයි වගකිව යුතු බව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් චෝදනා කර තිබේ.

හිලරි ක්ලින්ටන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ කාලයේ සිදුවූයේ යැයි කියන ඊමේල් අවභාවිතයක් සම්බන්ධයෙන් මැතිවරණයට දින කිහිපයක් තිබියදී නව පරීක්ෂණයක් ආරම්භ වීමෙන් සිය මැතිවරණ ව්‍යාපාරයේ පැවති උද්‍යෝගය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවද ඇය පවසා ඇත.

හිලරි තම පක්ෂය වෙනුවෙන් මුදල් සම්පාදනය කළ ආධාරකරුවෙකු සමග පැවැත්වූ දුරකථන සංවාදයක් හෙළිවීමෙන්, මෙසේ ඇය FBI ප්‍රධානියා දෝෂදර්ශනයට ලක්කිරීම අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග ඇමෙරිකාවේ ඇතැම් නගරවල හිලරි හිතවාදීන්ගේ උද්ඝෝෂණ තවමත් පැවැත්වෙයි. කෙසේ වෙතත්, ඒවා ආරම්භයෙහි මෙන් විශාල ජන සහභාගීත්වයක් දැකිය නොහැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමෙන් අමෙරිකාව බෙදී වෙන්වූ රාජ්‍යක් බවට පත්ව ඇති බවට එම විරෝධතාකරුවන් චෝදනා කළත්, ඒවා හුවාදක්වමින් රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කරන ඇමෙරිකානු ඇතැම් මාධ්‍ය විසින්ම රට බෙදා වෙන්කරන බවටද චෝදනා නැගෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment