අයවැය කතාවට කළින් ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

අයවැය කතාවට කළින් ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි!

අයවැය කතාවට කළින් ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්  පවත්වා තිබේ.

අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කතාව පිළිබඳ සාකච්ඡා කිරීම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අරමුණ වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මූලික අයවැය රාමුව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

2017 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද අද පස්වරු 2.00ට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad