රවී,තුසිත,රාම්,ෆාරුක් සහ කන්දවන්තේ ගොන් පොට් එක… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

රවී,තුසිත,රාම්,ෆාරුක් සහ කන්දවන්තේ ගොන් පොට් එක…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව බලය මෙන්ම ඉදිරියේදි සිදුවන ආණ්ඩු පෙරලියක් හරහා එජාපය දෙකඩ කිරිම හරහා ශ්‍රීලනිප මෛත්‍රී පිළ සහ එක්ව ආණ්ඩුවක් සාදා එහි අගමැති තනතුර ගැනිමට මාන බලමින් සිටින මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් රහසිගතව නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන සුපිරී ගණිකා මඩම සහ පසුගියදා මුල්‍ය වංචාවක යෙදුනු Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අතර සමීප සබඳතාවය පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වි තිබේ.
පසුගියදා තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) රැගෙන ඉන්දියාවේ චෙන්නායි දක්වා ගොස් ඇත්තේ මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් පවත්වාගෙන යන් ECTA වර්ගයේ ගණිකා නිවාසයේ ඉන්දියානු ගණිකාවන්ගේ මුදල් බව අනාවරණය වි තිබේ.
අප කල අනාවරණය –කප්පම් හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක් අරන් චෙන්නායි පනී…කටුනායක ආරක්ෂකයන්ටත් තගක් දාලා
තුසිත හල්ඔලුව, ෆාරුක් ෆර්ඩ්හවුස්, සහ ඉන්දීය ජාතිකයෙකු වන රාම් සුදර්ශන් නැමත්තා සමග අදාළ ඩොලර් තොගය රැගෙන රටින් පිටවු අතර අදාළ මුදල් රටින් පිටතට ගෙනයෑමට යෑමේදී ගුවන් තොටුපල ආරක්ෂකයන් විසින් අත් අඩංගුවට ගැනිමට කටයුතු කල අතර පසුව ජනාධිපති කාර්‍යාලය හරහා සහ මුදල් අමාත්‍යවරයාගේ බලපෑම මත එම මුදල් මුදාහැරීමට කටයුතු කල බව අනාවරණය වුනා.
පසුව ඇමති සන්ද්රේෂ් රවී කරුණානායක අමතා ඇති තුසිත, අදාළ කාරණය ගැන රවීට සඳහන් කළ පසු රවී තම ගෝලයා වූ තුසිත බේරාගෙන ඇත. රවීගේ සහ තුසිතගේ ඇමති-ගෝල මිත්‍රත්වයද ඉතා දුර දිග ගිය එකකි. මොහු විසින් මෙහෙයවන ලංඩන් නුවර සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවියකට රවී විසින් තුසිත හරහා වෙළඳ දැන්වීම් ලබා දී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ඊළග අගමැතිවරයා විම සහ එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලිම සදහා වන රවීගේ දේශපාලන මෙහෙයුම සමාජ ගත කිරිම සදහා රවිට බලපෑමක් එල්ල විය හැකි කණ්ඩායම් මර්දණය කිරිම වෙනුවෙන් ඊ නිවුස් භාවිතා කිරිමයි.
ramකවුද මේ රාම් සුදර්ශන්
රාම් සුදර්ශන් නැමත්තා ඉන්දියාවේ චෙන්නායි නුවර ප්‍රසිද්ධ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන අතර වත්මන් ආණ්ඩුව බලයට පත්විමත් සමග ඔහු මුදල් අමාත්‍යවරයා සමග සමිප සබඳතාවයක් ගොඩනගා ගැනිමට කටයුතු කර ඇති අතර ඊට ප්‍රධානතම් හේතුව වි ඇත්තේ මනී ලොන්ඩරින් හෙවත් කලු සල්ලි සුදු කිරිමේ ව්‍යාපාරයක රාම් සුදර්ශන් යෙදි සිටිම වේ.
ඒ අනුව රවිට ලං වු රාම් පසුව එම බැදිම ශක්තිමත් කිරිම සදහා රවිගේ ගොන් පොට් එකට බඩු සැපයිමේ වැඩෙද අතට ගත් අතර ඒ සදහා ඉන්දියාවේ වෙලී…වෙලී සිටින සුරූපීකාන්තාවන් ලංකාවට ගෙන්වා ඔහුන් නිරූපිකාවන් ලෙස හදුන්වමින් ඉතා ඉහල මිල ගණන් වලට සැපයිමේ ජාවාරම ආරම්භ කල අතර ඒ සදහා යොදා ගනු ලැබුවේ නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ ඇති නිවසකි.
අනාගත දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් නුගේගොඩ කන්දවත්ත පාරේ පවත්වාගෙන යන අමාත්‍යවරුන්ට සැප දිමේ ගණිකා භාවිතා කරනවාට අමතරව එම සුරූපී ගණිකාවන් යොදවා ගනිමින් කලු සල්ලි සුදු කිරිමේ ජාවාරමද ඉතාමක් සුක්ෂම අයුරින් කිරිමට රවීට හැකියාව ලැබි තිබේ.රාම් සුද්ර්ශන්ගේ දකුණු අත මෙන් සිටින අනෙකා වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු ෆෙරෝස් ෆාරුක් මේ දෙදෙනාගෙම ආරක්ෂකයා වි ඇත්තේ තුසිත වන අතර තුසිත රැක ගැනිමට රවි කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව දැවැන්ත මඩ ප්‍රහාරයකට ලක්වු සිරිසේන ජනාධිපතිවරයාද තුසිත බ්ලැක්මෙල් කිරිමට සමත්ව තිබේ.
රාම් මැතක් වනතුරු නතර වි සිටියේ වර්තමානයේ කෘෂිකාර්මික අමාත්‍ය දුමින්ද දිසානායක වර්තමානයේ නතර වි සිටින ඔහුට අයත් රාජගිරියේ Parkway Residential Care Home හි වන අතර දුමින්ද කොළබ ජයික් හිල්ටන් හොටලයට වි රැට රැට කෘෂි ප්‍රතිපත්ති සකස් කලේ රාම්ගේ ඉන්දියන් කෑලී සමග කවුරුත් දන්නා රහසකි..
bod_pix7-150x150කවුද මේ ෆෙරෝස් ෆාරුක් 
තුසිත හල්ඔලුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයකු සහ රාම් සුදර්ශන් නමැති ඉන්දියානු ජාතිකයකු, ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව අප පසුගිය 12 වනදා වාර්තාකර සිටියා. ඉන්පසුව මොවුන් විසින් ඉන්දියානු නිලියන් මෙරටට ගෙන්වා ප්‍රභූවරුන්ට අලවිකිරීමේ වංචාවක් පිලිබදව කරුණු වාර්තා කර සිටි අතර මෙම ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකුවන ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයා සතු දේපොළ පිලිබදව තොරතුරු රාශියක් අපවෙත ලැබී තිබෙනවා.
2015 වසරේ පෙබරවාරි 3 වනදා යහපාලන ආණ්ඩුව යටතේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු වශයෙන් ෆෙරෝස් ෆාරුක් නැමැත්තා පත්කර ඇති අතර SLT VisionCom (Private) Limited and SLT Property Management (Private) Limited යන ආයතන දෙකේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරමින් සිටියි.
Lakeside Property Developers (Private) Limited, Manelwala Hydropower (Subsidiary of Pan Asia Power Limited) ඇතුළු තවත් සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂක වරයකු වශයෙන් කටයුතු කරන මොහු තම බලය සහ දේශපාලන සබදතා යොදාගනිමින් රජයේ ව්‍යපෘති තම පුද්ගලික සමාගම් හරහා සිදුකරදී විශාල මුදලක් සොයා ගනිමින් සිටින බවට මොහුට සමීප ආරංචි මාර්ගවලින් තහවුරු වේ.
මොහු සතුව පාක් රෝඩ් හී නිවසක් බම්බලපිටිය මිල අධිකම මහල් නිවාස සංකීර්ණයක නිවාස දෙකක් සිනමන් ග්රෑන්ඩ් හෝටලය අසල නිවාස සංකීර්ණයක ඇ.ඩො 540000 වටිනාකමින් යුත් නිවසක් මිරිහාන ප්‍රදේශයේ තවත් නිවසක් ඇතුළු තවත් විශාල වත්කම් ප්‍රමාණයක් පසුගිය වසර දෙක තුල උපයාගෙන තිබේ.
13620787_1205229686156965_4501282944259358889_nකන්දවන්තේ ගොන් පොට් එක…
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ බිරිඳගේ මැදිහත් විමෙන් මෙම ස්ථානය ක්‍රියාත්මක වන අතර ඉන්දිය සුරූපීයින්ට අමතරව ලංකාවේ 2.50 ටෙලි නාට්‍ය මෙන්ම සිනමා නිළියන්ද මෙම ස්ථානය හරහා විකිණෙන අතර එම ස්ථානය භාරව සිටින්නේ ක්‍රිෂාන්ගනී පෙරේරා නැමැති රවිගේ බිරිදගේ සමිපතම කාන්තාවක වන අතර මේ හරහා රවී මුල්‍ය වාසියක් නොලබන අතර ඔහු ඒ හරහා දේශපාලකයින් බිලී බා ගැනිම සදහා අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.එම ව්‍යාපෘතිය හරහා මුල්‍ය වාසි ලබාගන්නා කිහිප දෙනෙකු සිටින අතර එම කිහිප දෙනා අතර තුසිතද සිටින බව දන්නෝ හොදින්ම දනී.
ලිංගික අල්ලස් දි…බ්ලැක්මෙල් කිරිමේ රවිගේ ක්‍රමය….
ravi_sobithaයහපාලනය විසින් ඝාතනය කරනු ලැබු මාදුඵවාවේ සෝභිත හිමියන් මඩ පත්තර නිර්මාණය කිරිමට වසල රාජ්‍ය නොවන සංවිධානයකට සල්ලි පොම්ප කිරිමටද වත්මන් යහපාලන මුදල් ඇමති රවි කරුණානායක සමත් වු අතර ඒ පවු සොදා ගැනිම සදහා සෝභිත හිමියන් සිංගප්පූරුවේදි අපවත් කල විට ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගොස් සෝභිත හිමියන්ගේ සිරුර රැගෙන එන්නට ඉදිරිපත් වු අයෙකි.
අදාළ පුවත දැන ගන්න කියවන්න – මෙදා යහපාලකයන් එදා සෝභිත හිමි ඝාතනය කල අයුරු
වත්මන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස  මුදල් අමාත්‍ය රවි කරුණානායක පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ජාතික ආණ්ඩුවේ ඇතිවි තිබේන ගැටුම් භාවිත කරමින් එජාපය දෙකඩ කර ඉන් කොටසක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටස් සහ තවත් සුලු ජාතික පක්ෂ එකතු කර නව ආණ්ඩුවක් පිහිටුවිමට සිරිසේන ජනාධිපතිවරයාට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වි ඇති අතර එම ආණ්ඩුවේ අගමැතිකම සදහා රවි කරුණානායක පත්කිරිමට චතුරිකා කටයුතු කරමින් සිටි.
එම පුවත් කියවන්න – රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න
දේශපාලකයන්ට සැප දිමට අමතර වැඩ
අදාළ මුදල් කොළඹ කොටුවේ රහසේම මුදල් මාරු කරන මධ්‍යස්ථානයක් සහ ‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් මෙහෙයවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටින මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩාගේ රු.කෝටි 16ක විදෙස් මුදල් මුදල් තොගයක් ගුවන් තොටේදි අත් අඩංගුවට ගැනිමත් සමග අප 2016 ජුලි 23 දින මෙම ගණිකා මඩමෙ විස්තරද අනාවරණය කළා.
අදාළ මුදල් රැගෙන ආ සැකකාර කාන්තාව දේශපාලන ප්‍රභලයන් සමග සමීප සබඳතාවයන් ඇති බව ප්‍රශ්ණ කිරිම් වලදි අනාවරණය වි ඇති අතර පසුගිය කාලසිමාවේ ආර්ථික සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහට ලක්වු අමාත්‍යවරයේකුගේ බිරිඳක් විසින් නුගේගොඩ කන්දවත්ත පාරේ පවත්වාගෙන යන අමාත්‍යවරුන්ට සැප දිමේ ගණිකා මඩමේ සම්බන්ධීකරන කටයුතු වලට සහය දෙන එම ස්ථානයේ නිරන්තරයෙන් ගැවසේන කාන්තාවක් බවද අනාවරණය වි තිබේ.
එම පුවත් කියවන්න – රටින් පන්නන්න හැදු .කෝටි 16ක කළු සල්ලි වල අයිතිකරු මෙන්න
සදරුවන් තුසිත ගණුදෙනුව 
සදරුවන් මානසික රෝගයකි. සඳරුවන්ගේ මානසික රෝගී තත්වය ගොඩනැගෙන්නේ සඳරුවන්ව කිසි කෙනෙකු ගනන් නොගන්න නිසාය. සඳරුවන් කියන්නේ වැදගත් මාධ්‍යවේදියකු නොවේ. තුට්‍ටු දෙකේ මඩ ගසන්නකු, වැලපත්තර කාරයකු පමණි. ඒ බව කවුරුත් දනී. ඒ නිසා සඳරුවන් අනුන් කෙරෙහි ඊර්ශාවකින් පෙලෙන්නෙකි.
සඳරුවන්ව කවුරුත් ගනන් ගත්තේ නැත. ඔහු තුට්‍ටු දෙකේ මඩ වෙබ් කාරයකු පමණක් විය. රාජපක්ෂ රෙජීමයට සැබෑ ලෙසම අභියෝග කළේ මෙරට සිට රාජපක්ෂලාට අභිමුඛව සිටිමින් වෙබ් අඩවි කළ ඉතා සුළු පිරිස මිස එංගලන්තයට වී සිටි මේ අබ්බගාත හිඟන්නාගේ මාධ්‍ය බාවිතාව නොවේ..
සඳරුවන්ට කිසිදු දේශපාලන ඉලක්කයක් දැනුමක් තිබුණේ නැත. කවුරුන් හෝ සල්ලි සමඟ දෙන තොරතුරක් ග්‍රාමය භාෂාවෙන් ලියුවා හැර සඳරුවන් දන්නා දේශපාලනයක් නැත. මේ නිසා සල්ලි ලැබෙන විදිහට පුවත් පළ කිරීමත් පුවත් ගලවා දැමීමත් ඔහුගේ පුරුද්ද විය.මහින්දට නාම යෝජනා දීමට ජනාධිපතිවරයා තීරණය කළ විට ඔහුට ඉතා පහත් භාෂාවෙන් පරිබව කළ සඳරුවන් පැය තුනක් යන්නට කලින් එම පුවත ගලවා දමා මෛත්‍රීපාලව වර්නනනා කරන්නට පටන් ගත්තේ අතට ලැබුණු කුට්ටිය නිසාය. ඒ එක් උදාහරණයකි. සඳරුවන් ඕනෑම කෙනෙකුගෙන් මුදල් ගනී. නැත්නම් කප්පම් ගනී. ඔහුගේ දේශපාලනය ඒ අනුව සිදුවේ. අද සල්ලි දුන් එකා හෙට නොදුන්නහොත් ඒකාගේ පට්ට පතුරු යැවීම ඊනිව්ස් වෙබ් අඩවියේ සාමාන්‍ය විදිහය.
කාන්තාවන්ගේ අගපසග බලමින් සතුටු විමට පම්ණක් කැමති සදරුවන්ගේ සගයා වන තුසිත යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව සිටි අයෙකු වන අතර අද ඉන්නේ Crescat  හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්‍ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්‍ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය.
සදරුවන් තුසිත ඊළග පිම්ම …
කන්දවත්ත ගොන් පෝට් එක හරහා දේශපාලකයන් බිළි බා ගැනිමේ මෙහෙයුම මේ වනවිටත් ඉතාම සියුම්ව ක්‍රියාත්මක වෙමින් තිබේන අතර මෙම පුවත් හරහා සිදුවන අනාවරණයෙන් පසුව ගොන් බඩු පෙන්වා  සදරුවන් සහ තුසිතගේ කප්පම් ගැසිමේ මාෆියාව පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කිරිමට අප සුදානමින් සිටින බවද අවධාරණය කරමු.
ravi_sobitha




(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad