මාමාගෙන් බෑනාට තෑග්ගක්.. කෝටි ගාණනක අති සුඛෝපභෝගි රථයක් බදු නෙගෙවා රටට ගෙනේ..

රටේ ඉහළම අමාත්‍යංශයක් යටතේ රුපියල් 54,322,739 වටිනාකමකින් යුත් ලෙක්සස් LS460 (2016) වර්ගයේ අති නවීන මෝටර් රථයක් පසුගිය 8 වනදා ශ්‍රී ලංකා රේගුව හරහා නිදහස් කොට ඇත.

මෙම අති සුඛෝපභෝගී වාහනය සඳහා කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති අතර රේගුවට සම්පූර්ණ ගෙවා ඇති මුදල රුපියල් 1750/- කි. මෙම අමාත්‍යාංශයේ රටේ ඉහළ පවුලකට සම්බන්ධ බෑන කෙනකු දේශපාලන පත්විමක් ලැබ සේවය කරයි.

එහෙත් ඊයේ අයවැය මගින් පුංචිම පුද්ගලයා පාවිච්චි කරන මෝටර් බයිසිකලය සඳහාද තවත් රුපියල් හතළිස් දහසක් පමණ අමතර බදු මුදලක් මෙන්ම කුඩා කාර් සඳහා ලක්ෂ 2 සිට හතර දක්වා අමතර බදු මුදලක් ද අයකර ඇත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment