චීනය මහින්ද කැදවයි.. මහින්ද වහා චීනයට යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

චීනය මහින්ද කැදවයි.. මහින්ද වහා චීනයට යයි..

මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා චීන සංචාරයක යෙදෙන බව ඔහුගේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරයේදී චීන රජයේ ප‍්‍රධානීන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිතය. චීන ශ‍්‍රී ලංකා සබදතා යම් ගැටළුකාරී තත්වයක පවතිද්දී හිටපු ජනාධිපතිවරයා චීනය විසින් එරටට කැදවා තිබිම විශේෂය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ඉතා ඉහල සම්බන්ධතාවයක් චීනය සමග පවත්වාගෙන ගිය අතර වරෙක චීන ජනාධිපතිවරයා මෙරටට පැමිණ වරාය නගරයට මුල්ගල්ද තැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad