ආබාධිතයන්ට පහරදීම වරදක් - උසිගැන්වීමත් වරදක්   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ආබාධිතයන්ට පහරදීම වරදක් - උසිගැන්වීමත් වරදක්  

ආබාධිතයන්ට පහරදීම වරදක් - උසිගැන්වීමත් වරදක්  
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම පිළිබඳව ආණ්ඩුව විසින් සොයා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23 (2) යටතේ ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

“මේ පිළිබඳව සාකච්ඡවක් තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ ඉල්ලීම් සියල්ලම දුන්නාට පස්සේ කොහොමද මෙය සිදු වුණේ කියලා සොයා බලන්නට තිබෙනවා. ආබාධිතයන්ට පහර දීම වරදක් වගේම, ආබාධිතයන් උසිගන්වා ඒ මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇති කිරීමත් වරදක්“ යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඒ පිළිබඳ හෙට දිනයේදී ප්‍රකාශයක් සිදුකරන බවත් එසේම ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් ගැන සොයාබලන බවත් ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad