මල්ලිගෙ ෆෝන් එක ගත්තැයි චණ්ඩි අයියෙක් ඇවිත් ප්‍රින්සිපල්ට පාට් දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

මල්ලිගෙ ෆෝන් එක ගත්තැයි චණ්ඩි අයියෙක් ඇවිත් ප්‍රින්සිපල්ට පාට් දාලා



තහනම නොතකා පාසලක් තුළට ගෙනැවිත් තිබූ ජංගම දුරකතනයක් රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත් සිසුවකුගේ අයියා කෙනකු හලාවත ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් තුළට පාසල් වේලාව තුළදී
අනවසරයෙන් ඇතුළු වී විදුහල්පතිවරයාට සහ විනය භාර ගුරුවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.

සිය පාසල් පොත් බෑගයෙහි සඟවා ගෙන පැමිණි ජංගම දුරකතනයක් විනය භාර ගුරුවරයා විසින් සොයා ගෙන විදුහල්පතිවරයාට භාරදී තිබූ අතර දුරකතනය ආපසු ගෙන යෑමට නම් මවුපියන්ගෙන් කෙනකු සමඟ එන ලෙස සිසුවාට පාසල මඟින් දැනුම් දී තිබිණි.

මවුපියන්ගෙන් කෙනකු කැඳවාගෙන එනු වෙනුවට එම සිසුවා තම අයියා කෙනකු සමඟ පසුදින පාසලට පැමිණ ඇත. අයියා

ජංගම දුරකතනය ඉල්ලා සිටියත් විනය කමිටුවේ ගුරුවරයා එවිට දන්වා ඇත්තේ දරුවාගේ මවුපියන්ගෙන් කෙනකු පැමිණෙන තෙක් කිසිවකුටත් දුරකතනය නොදෙන බවයි. ඒ අනුව සිසුවාගේ අයියා ආපසු ගොස් ඇත.
පසුදින පාසල් වේලාවේදී අනවසරයෙන් පාසලට පැමිණි කමිසයේ බොත්තම් පවා නිසි පිළිවෙළකට නොදමා පපුව නිරාවරණය කර ගත් තවත් අයියා කෙනෙක් මල්ලිගෙන් ගත් දුරකතනය ආපසු දෙන ලෙස ඉල්ලා ඇත. විනය ගුරුවරයා එහිදීද දන්වා ඇත්තේ මවුපියන්ගෙන් කෙනකු පැමිණ ජංගම දුරකතනය ලබාගත යුතු බවයි. එසේ කියා අයියා විදුහල්පති වෙත මුණ ගැස්සීමේදී එහිදීද මල්ලිගෙන් ලබාගත් දුරකතනය අයියා ඉල්ලූවිට විදුහල්පතිවරයාද දන්වා ඇත්තේ සිසුවාගේ මවුපියන්ගෙන් කෙනකු කැඳවාගෙන එන ලෙසය. එහිදී විදුහල්පතිවරයාට හා විනය භාර ගුරුවරයාට බැන වදිමින් දුරකතනය නොදී ටවුං එක පැත්තේ ආවොත් දෙන්නාටම අම්බානට නෙළන බව දන්වා පලා ගොස් ඇත.

හලාවත පොලිසිය පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්

No comments:

Post a Comment

Post Bottom Ad