‘ලංකා ඊ නිවුස්’ සදරුවන් සේනාධීර ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා.. – අධිකරණ ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

‘ලංකා ඊ නිවුස්’ සදරුවන් සේනාධීර ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා.. – අධිකරණ ඇමති

දිගින් දිගටම මෙරට අධිකරණයට අපහාස කරමින් පුවත් පළකරන ‘ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර නැමැත්තා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒම සදහා ඉක්මනින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය. සමහර වෙබ් අඩවි මගින් අසත්‍ය හා අන්තවාදී ප‍්‍රචාරයක් සිදුවන බවත් ඉන් ජනතාව නොමග යන බවත් අධිකරණ ඇමතිවරයා සදහන් කලේය.

ආගම්වාදී හා අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවද කී ඇමති විජේදාස ශ්‍රී ලාංකිකයින් 32ක් සිරියාවට ගොස් ISIS ත්‍රස්තවාදීන්ට එක්ව ඇති බවත් විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද මෙරට සිට ක්‍රියාත්මක වන බවත් සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad