ජල ගාස්තු වැඩි කරේ බනිස් ගෙඩියක ගානකටයි - ඇයි කලබල - ඇමති හකීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

ජල ගාස්තු වැඩි කරේ බනිස් ගෙඩියක ගානකටයි - ඇයි කලබල - ඇමති හකීම්


ජල ගාස්තු වැඩි කරේ බනිස් ගෙඩියක ගානකටයි ඉතින් ඇයි කලබල
- ඇමති හකීම්

පසුගිය අයවැය යෝජනා අනුව ජල ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමේ තීරණය මේ වනවිට වෙනස් කරන්නට ජනපති තීරණය කර තිබෙන්නේ එයට එරෙහිව පැනනැගි විවේචන මෙහ්තුවෙනි.
ජල සම්පාදන ඇමතිගේ අදහස් අනුව ඒ වැඩිවීම විශාල ගණනක් නොවන අතර දවසකට බනිස් ගෙඩියක් මිලට ගැනීම සඳහා එයට වැඩි මිලක් ගෙවන බව
ඔහු කියයි.
ඊයේ (16)


පාර්ලිමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙසේ කියා ඇත.

‘මේ වන විට ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන ආයතනයක් නෙමේ. ඒත් ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකළහොත් ලබන වසරේ දී රුපියල් බිලියන 9ක පාඩු ලබනවා.
 ලීටර් 15000ක් ලබාදීම වෙනුවෙන් මේ වන විට රුපියල් 310ක මුදලක් වැය කරනවා. ගාස්තු සංශෝධනය එය රුපියල් 540ක් බවට පත් කර තිබෙනවා.මේ වැඩිවීම හරහා දිනකට රුපියල් 18ක් වැනි සුළු මුදල තමයි වැය වන්නේ. ඒ මුදල සිගරට්ටුවක් හා බනිස් ගෙඩියක් මිලදී ගැනීමට වැයකරන මිලටත් වඩා අඩු මුදලක්. ලීටර් 15000ක් වැනි අති විශාල ජල ප්‍රමාණයක් පිරිසිදු කොට නිවසට ම ගෙනත් දීම සඳහා ඉදිරියේ දී රුපියල් 540ක මුදලක් අයකිරීමට සාධාරණ යැයි සිතා මෙම ගාස්තු සංශෝධනය සිදු කළේ.‘

මෙම නව සංශෝධනය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බදුන්ව ඇති අතර ත්‍රී පුද්ගල කමිටුවක් පත්කොට ඒ පිළිබඳව යළි සලකා තීරණයක් ගන්නට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad