ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා පරිවාස භාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා පරිවාස භාරයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 3ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේය.



ඒ අනුව අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කල අතර ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad