හිලරිට ජයපතා නල්ලූර් කෝවිලේ පොල් ගසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

හිලරිට ජයපතා නල්ලූර් කෝවිලේ පොල් ගසයි

හිලරිට ජයපතා නල්ලූර් කෝවිලේ පොල් ගසයි

එළැඹෙන 08 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ වදින ඩිමෝක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මහත්මියට ජය පතමින් යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේදී පොල් ගෙඩි 1008ක් බිඳින බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) යාපනයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී කියාසිටියේ ඇයට ජය පතමින් යාපනය කැඩීටල් මේරි කතෝලික දේවස්ථානයේ ඉටි පන්දම් 108ක් ද දල්වන බවයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලැබෙනුයේ අමෙරිකානු මැදිහත්වීමෙන් පමණක් බවත් දෙමළ ජනතාව වෙනුවෙන් හිලරි ක්ලින්ටන් මහත්මිය ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරිය බවට පත්විය යුතු බවත් ඒ සඳහා දේවාශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම පූජාව සිදුකරන බවත් සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අමෙරිකානු ජනාධිපතිවරණය ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad