සංහිඳියාවට බාධා කරන අය ඇල්ලීමට විශේෂ පොලිස් ඒකකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

සංහිඳියාවට බාධා කරන අය ඇල්ලීමට විශේෂ පොලිස් ඒකකයක්

සංහිඳියාවට බාධා කරන අය ඇල්ලීමට විශේෂ පොලිස් ඒකකයක්

මෙරට ආගමික සහ ජාතික සංහිදියාවට බාධා වන අන්දමේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඊයේ (21) දින සිට ස්ථාපිත කර ඇති මෙම ඒකකයේ ප්‍රධානම කාර්යය වන්නේ සංහිදියාවට බාධා වන වෛරී ප්‍රකාශ සිදුකරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීමයි.

පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවා ඇති අතර, පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයෙන් මෙම ඒකකය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad