මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 

මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 
යහපාලන රජයට අභියෝගයක් කිරීමට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් ඉන් සිදුවන හානිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව අනාගත දේශපාලනයට පවා බලපාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ස්වයං රැකියා උපකරණ බෙදාදිම සදහා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (07)පැවැති උත්සවයකදී ය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසී ය.

“අද ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් පිහිටුවන්නත් ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්නත් කතා කරන්නත් යෝජනා ඉදිරිපත් කරන්නත් වත්මන් ජනාධිපතිගේ හා අගමැතිගේ යහපාලන රජය යටතේ සම්පුර්ණ නිදහසක් හා අයිතියක් ලබා දිල තියෙනවා. 

මට ඉතිහාසය දිහා බලනකොට මතක් වෙනව මගේ පියාත් ලලිත් ඇතුලත්මුදලි මහතාත් ඒ කාලෙ අවශ්‍යතාවයක් උඩ රාජාලියා පක්ෂය බිහි වුණේ. ඒ වකවානුවෙදි ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණා, ලලිත් ඇතුලත් මුදලි මහත්තයා ඝාතනය වුණා. 

රාජාලියා පක්ෂය ලක්ෂ ගාණක් ගත්ත නමුත් මගේ පියා හා ඔහු එක්ක හිටපු හැමෝටම  ඩී.බී.විජේතුංග ඡනාධිපතිගෙ ආරධනාවෙන් අන්තිමට මහගෙදර වු එක්සත් ජාතික පක්ෂයට නැවත යන්න වුණා“ 
“ගමේ ගොඩේ පක්ෂ බෙදිල ගහ මරාගන්නෙ නැතුව ජනාධිපතිත් අගමැතිත් එකතුව සමගිව පෙන්වා ඇති ආදර්ශය ගමේ සියලුම දෙනාත් ආදර්ශයට ගෙන රට දියුණුව කරා ගෙන යෑම සදහා එකතු වන්නැයි ද දිසානායක මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad