ලේඛකයාගේ දත් දෙකක් කැඩූ කොන්දොස්තර රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

ලේඛකයාගේ දත් දෙකක් කැඩූ කොන්දොස්තර රිමාන්ඩ්

පසුගිය සතියේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවකින් කියැවුනේ සනත් ලෙනෝරා නමැති ලේඛකයාට සිදුවූ ඇබැද්දියකි. 

ඔහු පසුගිය දිනෙක පොතක් මුද්‍රණය කිරීමේ කටයුත්තක් සඳහා  ටයිප් සෙටිං එකතුකරගැනීමට හයිලෙවල් පාරේ මහරගම දක්වා යන බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුට බැසගන්නට අවශ්‍යවූ දෙල්කඳ මංසන්ධියෙන් බස්සවන ලෙස සීනුව නාද කර බස් රියදුරුට


දන්වා සිටියත් එම ස්ථානයේ නවත්වන්නේ නැතිව බසය ගමන් කර තිබේ. 

මෙම අවස්ථාවේ ඔහු බස් රථයේ කොන්දොස්තර සමග වාදයක පැටලී ඇත. ඔහු තමාට සිදුවූ අසාධාරණය ගැන කියන්නට ගියත් කොන්දොස්තර ඔහුව මායිම් නොකර බැණවැදී ඇති අතර අවසානයේ ඔහුව බසයෙන් එළවා දමා ඇත්තේ දත් දෙකක් කැඩී යන ලෙස පහරක්ද එල්ල කරමිනි.

සිද්ධියෙන් අනතුරුව ලේ පෙරාගෙන බසයෙන් බැසගිය ලේඛකයා තුවාල වලට බෙහෙත් දමාගැනීමෙන් පසුව පොලිසියට ගොස් තමාට වූ අසාධාරණය බස් රථ අංකය සමග ඉදිරිපත් කර තිබුනි. ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන්  මැදිරිගිරියේ පදිංචිකරුවෙකු බව කියන සුදත් රොෂාන් නමැති කොන්දොස්තර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

කරුණු විභාග කළ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා කොන්දොස්තර සතියක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නට නියම කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad