ගිං ගඟ පිටාර මට්ටමට ආසන්නයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

ගිං ගඟ පිටාර මට්ටමට ආසන්නයි

ගිං ගඟ පිටාර මට්ටමට ආසන්නයි

පසුගිය දින කිහිපයේම ගාල්ලට අධික වැසි ලැබීමත් සමග ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ගිං ගඟේ බද්දේගම ජල මාපකය අද (08) පෙරවරුවේ 4.2ක ජල මට්ටමක් පෙන්නුම් කර ඇති අතර ජල මට්ටම වැඩිවීමෙන් මේ වන විට බද්දේගම සිට පරණ නාගොඩ පාර ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය අසල ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මාර්ගය සේදී යාම හේතුවෙන් ස්ථාන දෙකකින් එම මාර්ගය වසා දැමීමට බද්දේගම පොලිසිය කටයුතු කර ඇත.

ගිං ගඟේ ජල මට්ටම අඩුකිරීම සඳහා මෝයකට පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad