මෛත්‍රී - රනිල් ඒකාබද්ධ මෙහෙයුමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

මෛත්‍රී - රනිල් ඒකාබද්ධ මෙහෙයුමක

මෛත්‍රී - රනිල් ඒකාබද්ධ මෙහෙයුමක
ශ්‍රී ලංකාවට බලවත් තර්ජනයක්ව පවතින මත් උවදුර මැඬපැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පසුගිය දශක තුනක කාලයක් පැවැති ත්‍රස්තවාදයට වඩා බරපතළ තර්ජනයක් මත්ද්‍රව්‍ය උවදුර නිසා රටටත් ජනතාවටත් එල්ල වී ඇති බව රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අදහස වී තිබේ. 

සිංගප්පූරුව - මැලේසියාව යන රටවල මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ක්‍රියාත්මක කෙරෙන දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා එම රටවල ආධාර උපකාර මේ මෙහෙයුම සඳහා ලබාගැනීමටත් අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර අමෙරිකානු රජයද ඒ සඳහා ආධාර ලබාදීමට අග්‍රාමාත්‍යවරයා වෙත එකඟතාව පළ කර තිබේ.

සිංගප්පූරුවේ ක්‍රියාත්මක කෙරෙන මත්ද්‍රව්‍ය මර්දන නීති රීති පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එහි යැවීමටත් මේ සඳහා පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

කොළඹට සීමා වී තිබූ මත්ද්‍රව්‍ය උවදුර රට පුරා ව්‍යාප්ත වී ඇති බැවින් හා යාපනයේ ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට පියවර ගන්නා ලෙස යාපනයේ සංචාරය කරන අතරතුර එහි පාසල් සිසුවියන් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීමට රාජ්‍ය නායකයන් දෙපළ තීරණය කර තිබේ

No comments:

Post a Comment

Post Bottom Ad