ඇමති වජිර ඒකාබද්ධයට ගන්න සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

ඇමති වජිර ඒකාබද්ධයට ගන්න සැලසුමක්

පසුගියදා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේ පැවති ජන හමුවකින් පසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අගයමින් කතාබහ කොට තිබේ.

වර්තමාන රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන වජිර අබේවර්ධන මහතා නියම දේශපාලනඥයෙකු බවත් ඔහු දිනක එක්සත් ජාතික පක්ෂයේ නායකයා වනු ඇති බවත් මෙහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර අැත.

එම සංවාදය පහතින්.

"සර්, වජිර ඇමතිතුමා නම් සර්ට මුකුත් කියන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලට පැමිණි අවස්ථාවේ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කිවේය.

වජිර විපක්ෂයේ ඉන්නවිටත් මාව විවේචනය කළේ නැහැ. ඔහු නියම දේශපාලනඥයෙක්. වජිර කරන්නේ දේශපාලනය. ඔහු තමාගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා වජිර අමාත්‍යවරයාට සහතිකයක් ලබා දෙමින් කිවේය.

සර් වජිර අපේ පැත්තට ගන්න බැරිද? ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ඇසුවේය.

පිස්සුද? වජිර ඉලක්කයක් ඇතිව වැඩ කරන කෙනෙක්. කවදා හරි යු.එන්.පි එකේ නායකයා වෙන්න තමයි වජිරගේ බලාපොරොත්තුව" යැයි මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad