අය වැය හිඟය පහළට - පියවා ගන්නා හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

අය වැය හිඟය පහළට - පියවා ගන්නා හැටි මෙන්න

අය වැය හිඟය පහළට - පියවා ගන්නා හැටි මෙන්න

මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය ලේඛනයෙන් ලබන වසරේ (2017) සමස්‌ත අය වැය හිඟය රුපියල් කෝටි 62,500 කට සීමාකර ගැනීමට රජය සැලසුම්කර තිබේ.

මේ අනුව මේ වසරට සාපේක්‌ෂව ලබන වසරේ අය වැය හිඟය රුපියල් කෝටි 4500 කින් අඩුකර ගැනීමට රජය ඉලක්‌ක කර තිබෙන අතර ගිය වසර සඳහා ඇස්‌තමේන්තු කළ අය වැය හිඟය රුපියල් කෝටි 67,000 කි. 

එම රුපියල් කෝටි 62500 ක සමස්‌ත අය වැය හිඟය රුපියල් කෝටි 27,200 ක විදේශ ණය ගැනීම් සහ රුපියල් කෝටි 35,300 ක දේශීය ණය ගැනීම් මගින් පියවා ගැනීමට අපේක්‌ෂිතය.

අය වැය හිඟය පියවා ගන්නා අයුරු

සමස්‌ත අය වැය හිඟය රුපියල් කෝටි 62,500

මුළු විදේශීය ණය ගැනීම් රුපියල් කෝටි 27,200

මුළු දේශීය ණය ගැනීම් රුපියල් කෝටි 35,300

මුළු ණය ගැනීම් රුපියල් කෝටි 62,500

 

No comments:

Post a Comment

Post Bottom Ad