ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ හා එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් තීරණාත්මක අවස්‌ථාවක දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්‌වීමට සූදානම් වෙති.
නව පක්‌ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් එම මැති ඇමැතිවරුන් සමඟ රහසිගත සාකච්ඡා වට කිහිපයක්‌ම ඒකාබද්ධ විපක්‌ෂයේ සංවිධායකයන් විසින් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් බහුතරයක් හා එජාපයේ කලකිරී සිටින මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මේ සඳහා සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු දැනට සාමාජිකත්වය ලබා නොගන්නා අතර නව ලියාපදිංචි දේශපාලන පක්‌ෂයක් ලෙස ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා අවශ්‍ය නෛතික සුදුසුකම් සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකරන බව එම පක්‌ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පක්‌ෂ ලියාපදිංචියේ නෛතික අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන බවද හෙතෙම කීය. පසුගියදා පැවැති අයවැය ප්‍රකාශයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේ දී ද ආණ්‌ඩුවේ සමහර මැති ඇමැතිවරුන් නව පක්‌ෂයේ ඉදිරි පියවර ගැන මාධ්‍යවේදීන් සමඟ යම් යම් ඉඟි පළ කර තිබේ.
– දිවයින
Sunday, November 13, 2016

අලුත් පක්‍ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්…
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment