දුමින්ද සිල්වා බලන්න දිසා විනිසුරුවරියක් සිරගෙට - ජපුරට මාරු කරන කතාව මොකක්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

දුමින්ද සිල්වා බලන්න දිසා විනිසුරුවරියක් සිරගෙට - ජපුරට මාරු කරන කතාව මොකක්ද?


භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධ උසාවියෙන් මරණ දඩුවම නියම කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම දඩුවම නියම කර සිර කූඩුවක සිටියේ දින කිහිපයක් පමණි. 

ඉන්පසු ඔහුට කහ උණ වැළ‍දී ඇති බවට වෛද්‍ය නිර්දේශ ලැබී බන්ධනාගාර රෝහලට මාරු කළ අතර පසුව විවිධ රෝගාබාධ තත්ව පිළිබඳ වෛද්‍ය වාර්තා ගෙන එමින් ඔහු දිගටම රෝහලේ රැඳී සිටියේය.

පසුගිය සතියේ වාර්තාවූයේ ඔහු බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කරන්නට යන කතාවකි.


ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ගොස් නැවත හරවා එවූ කතාවක්ද වාර්තා විය. 

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ බන්ධනාගාර රෝහලින් කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගී සිරකරුවන් ගෙනයනමුත් ජයවර්ධනපුර රෝහලට ගෙනයාම සිදු කරන්නේ නැති බවකි. 

ඒ නිසා ඔහුව ජයවර්ධන පුර රෝහලට දුමින්දව නිර්දේශ කිරීම ගැන පරීක්ෂණ වාර්තාවක් කැඳවා ඇතැයිද දන්වා ඇත. මේ අතර ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ දුමින්ද සිල්වා නැවත සිංගප්පූරුවට රැගෙන යාමේ සූදානමක්ද පවතින බවයි. මේ අතර දුමින්ද සිල්වාගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ගිය බව කියන දිසා විනිසුරුවරියක ගැනද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. 

ඇය අවස්ථා දෙකකදීම දුමින්දව බලන්නට එහි ආගිය බවට ලේඛන වල සටහන්ව ඇතැයිද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad