“කණ්නාඩි කණ්ඩායම” කැබිනට්ටුව හොලවයි…අධ්‍යාපණ,කෘෂිකර්ම,ආර්ථික තනතුරු වලට කෙලවෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

“කණ්නාඩි කණ්ඩායම” කැබිනට්ටුව හොලවයි…අධ්‍යාපණ,කෘෂිකර්ම,ආර්ථික තනතුරු වලට කෙලවෙන ලකුණු

නිදහස් දින සැමරුමට පෙර නියත වශයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, මෙහිදී සංශෝධනයට භාජනය විය හැකි අමාත්‍යාංශය හා අමාත්‍යවරුන් පස් දෙනෙකුට වැඩි ගණනක් පිළිබදව ද වාර්තා වෙමින් තිබේ.

කෙසේ නමුත්, මේ වන විට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ හා දේශපාලනයට සම්බන්ධ ආයතන වෙත යොමු කර ඇති බුද්ධි දූතයින් හා බුද්ධි නිළධාරීන් විසින් හදිසි විශේෂ වාර්තා සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම ‘කණ්නාඩි කණ්ඩායම‘ විසින් සකස් කරන වාර්තා ජනවාරි වන විට සාරාංශ කිරීමෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යාංශ ඇතුළු දේශපාලනයට සම්බන්ධ ආයතන වල තත්වයන්, ජනතා ප්‍රසාදය, මිල මුදල් පරිපාලනය හා මහජන සබදතා පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව වාර්තා වේ. සේවයන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට නිසි පරිදි නොසැලකීම සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා වෙත ‘කණ්නාඩි කණ්ඩායමේ’ දූතයින් විසින් වාර්තා කර ඇත. 

දේශපාලන ලොක්කන්ගේ මැදිහත්වීමෙන් සිද්ධ වෙන ඩීල්, ගණුදෙණු, මහජන සේවය පසෙකලා සිදු කරන බිස්නස් මූලික දේශපාලන වැඩ වැනි කරුණු ගණනාවක් පිළිබදව ජනාධිපතිවරයා කෝපයට පත්ව සිටින බව ද සදහන්. 

මෙම වාර්තා සදහන් කරන්නේ, කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපනයට හා ආගමට සම්බන්ධ තනතුරු තුනක්, කර්මාන්ත හා කෘෂිකර්මය සම්බන්ධ තනතුරු දෙකක්, ආර්ථිකය සම්බන්ධයෙන් තනතුරු දෙකක් ඇතුළු තනතුරු කිහිපයක් ඉදිරියේ දී වෙනස් වීමට නියමිත බවයි.

LNW Today ඔත්තුකරුවෙක්


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad