ජනපතිගෙන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

ජනපතිගෙන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) රාත්‍රියේ සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර තිබේ.

2017 අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු එම සාකච්ඡාව පැවැත්වෙන්නේ කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදීය.

මේ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment