ජල ගාස්තු වැඩිවීම අත්හිටුවයි

ජල ගාස්තු වැඩිවීම අත්හිටුවයි
ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල ගාස්තු වැඩිවීම අත්හිටුවා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ කොළඹදී අද (15) මාධ්‍ය හමුවක් අමතමිනි. ජල ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් සොයාබැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

දෙසැම්බර් මස 01 වැනිදා සිට ජල ගාස්තු සියයට 30කින් පමණ වැඩි කිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය. 

මේ අතර නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවේ ජලගාස්තු 30%කින් දෙසැම්බර් මස පළමුවැනිදා වැඩිවීමක් සිදුනොවනු ඇති බවයි. එසේම ජල ගාස්තු පිළිබඳව සොයාබැලීමට ජනපති නියමයෙන් කමිටුවක් පත්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment