රථවාහන වැරදි වලට පගාව ගන්නා පොලිස් නිලධාරීන් අල්ලන්න ඩමි ටෙස්ට් එකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

රථවාහන වැරදි වලට පගාව ගන්නා පොලිස් නිලධාරීන් අල්ලන්න ඩමි ටෙස්ට් එකක්


අල්ලස්‌ ලබාගෙන රථවාහන වැරදි කරන රියෑදුරන් බේරා යවන පොලිස්‌ නිලධාරීන් අල්ලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ මේ දිනවල සකස්‌ කරගෙන යන බව. පොලිස්‌ රථවාහන අංශය
භාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත

ප්‍රනාන්දු මහතා පවසයි.

රථවාහන වැරදි සම්බන්ධයෙන් අයකරන දඩ මුදල් විශාල වශයෙන් ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟම අල්ලස්‌ ලබාගෙන රථවාහන වැරදි කරන රියෑදුරන් බේරා යෑවීමට ඇතැම් පොලිස්‌ නිලධාරීන් උත්සාහ කිරීමට වැඩි ඉඩක්‌ ඇතැයි මාධ්‍ය කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් රථවාහන රාජකාරි කරන පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ මේ වන විට ආරම්භ කර ඇති බවත් රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ නිලධාරීන් අනපේක්‍ෂිත ආකාරයට පරික්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පවසයි.

රථවාහන වැරදි 7 ක්‌ සම්බන්ධයෙන් දඩ මුදල් විශාල ලෙස ඉහළ දැමීම නිසා විනීත රියෑදුරන් බිහිවනු ඇති බවත් රථවාහන අනතුරු ඉදිරියේදී විශාල වශයෙන් අඩු වනු ඇති බවත් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad