රාජ්‍ය ඖෂධ සංස්ථාව පෞද්ගලික අංශය සමග එක්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

රාජ්‍ය ඖෂධ සංස්ථාව පෞද්ගලික අංශය සමග එක්වෙයි

රාජ්‍ය ඖෂධ සංස්ථාව පෞද්ගලික අංශය සමග එක්වෙයි
ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම සදහා රජය තීරණය කර තිබේ.
 
මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට රජයට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.
 
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ එක්ව ඖෂධ නිෂ්පාදනය කිරීමේ බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad