කුරුණෑගල පාසල් සිසුවාට ලිංගික බලපෑම් කර ඇත්තේ ළමා අධිකාරියේ සේවකයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

කුරුණෑගල පාසල් සිසුවාට ලිංගික බලපෑම් කර ඇත්තේ ළමා අධිකාරියේ සේවකයෙක්

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන දහහත් හැවිරිදි බාල වයස්කාර සිසුවකුට ජාතික ළමා අධිකාරියේ සේවයෙහි නියුතු පුද්ගලයකු විසින් කෙටි පණිවුඩ හා ඇමැතුම් ලබා දෙමින් සිදුකළ බව කියන ලිංගික බලපෑමක් සම්බන්ධයෙන්


විමර්ශන සිදු කරන බව නුගේගොඩ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

පොලිසිය පවසන්නේ ජාතික ළමා අධිකාරිය මඟින් පැවැත් වූ විවාද තරගයක් සඳහා ඉහත කී සිසුවා ඇතුළු පිරිසක් සහභාගි වී ඇති බවත් සැකකාර පුද්ගලයා එම අවස්ථාවේදී එහි පැමිණ සිටි ඉහත කී සිසුවා ඇතුළු පිරිසකගේ දුරකතන අංක ලබාගෙන ඇති බවත් පසුව සැකකාර පුද්ගලයා එම සිසුවාට නිතර නිතර ජංගම දුරකතන මඟින් ඇමැතුම් හා කෙටි පණිවුඩ ලබාදෙමින් ලිංගික බලපෑම් කර ඇති බවත්ය.

සැකකාර පුද්ගලයා විසින් ඉහත කී සිසුවාට ඉකුත් අගොස්තු මාසයේදී හා සැප්තැම්බර් මාසයේදී ඇමැතුම් හා කෙටි පණිවුඩ 160කට අධික සංඛ්‍යාවක් ලබාදී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පොලිසිය දැක්වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එම සිසුවාගේ ජංගම දුරකතනය මොරටුව විශ්වවිද්‍යාල පරිගණක තාක්ෂණ අංශය වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කළේය.

කුමුදු උපුල් ශාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad