ලක්ෂපාන බලාගාරයේ හදිසි ගින්නක් මැඩපවත්වයි

ඊයේ (10) ලක්ෂපාන ග්‍රීඩ් උප පොලේ ට්‍රාන්ස්ෆෝමරයක හදිසි ගින්නක් හටගත්තේය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ ඊයේ රාත්‍රී 8.55 ට පමණ හට ගත් මෙම ගින්න හේතුවෙන් නුවරඑළිය, රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, මාතර හා දෙණියාය යන ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටුණු බවයි.

කෙසේ වුවත් අද (11) අලුයම වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ඔහු සදහන් කළේය.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න