පළාත් සභාවලට වැඩි බලයක් ලබාදීමට ඇමති රාජිත වැඩ අරඹයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

පළාත් සභාවලට වැඩි බලයක් ලබාදීමට ඇමති රාජිත වැඩ අරඹයි 

පළාත් සභාවලට වැඩි බලයක් ලබාදීමට ඇමති රාජිත වැඩ අරඹයි 

බලය බෙදාහැරිමට තමා කටයුතු කරන බවත් පළාත් සභාවලට තව තවත් බලය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් සභා රෝහල් පවරා ගැනීමට ඇතැම් පිරිස් ඉල්ලා සිටිය ද එකම රෝහලක් හෝ රජයට පවරා නොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය තරම් මුදල් ලබාදෙන බවත් ඒ හේතුවෙන් පළාත් සභා රෝහල් ද සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලවලට නිල නිවාස ව්‍යාපෘතියක් 2017 වර්ෂයේ දී ආරම්භ කර වසර 03 ක් තුල එම නිල නිවාස සාදා නිම කරන බවත් වෛද්‍යවරු, හෙද හෙදියන්ට අමතරව සෙසු කාර්ය මණ්ඩලවලටත් නිල නිවාස ලබාදෙන බවත් පැවසූ රාජිත සේනාරත්න මහතා ඒ  සදහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය ලබන සතියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad