බෙංගාල බොක්කේ අවපීඩනය සුළි කුණාටුවක් දක්වා – දිවයිනටත් බලපෑම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

බෙංගාල බොක්කේ අවපීඩනය සුළි කුණාටුවක් දක්වා – දිවයිනටත් බලපෑම්..

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැනට මෙම ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 480ක් පමණ දුරින් පවතින බව ය. ඉදිරි පැය 12 තුළදී එය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.


අදාල නිවේදනය පහත පරිදිය.

 
ඉදිරි පැය 24 සඳහා 2016 නොවැම්බර්මස 30 වන දින මධ්‍යාහන 12.00 ට නිකුත් කරන ලදි. දිවයිනට නැගෙනහිර දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේවනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රීකුණාමලය සිට කි.මී. 480 ක් පමණ දුරින් (ආසන්න වශයෙන් උතුරු අක්ෂාංශ 8.4 හා නැගෙනහිර දේශාංශ 86.3 ආශ්‍රිතව) පවතී. 


ඉදිරි පැය 12 තුලදී එය සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වෙමින් වයඹ ‍‍දෙසට බරව ‍ යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අ‍පෙක්ෂා ‍කෙරේ. එය දෙසැම්බර් මස 01 දින මධ්‍යම රාත්‍රි යෙදී උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන්කරනු ඇතැයි බලාපොරොත්තුවේ. 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස 02 දක්වා ,උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තද වැසි සහ තද සුළං බලාපොරොත්තුවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට තදවැසිද(100mm ට වැඩි)බලාපොරොත්තු විය හැක. බස්නාහිර, වයඹ, සබරගමුවසහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
 
දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය...

 
දිවයිනට නැගෙනහිර දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේවනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රීකුණාමලයසිට කි.මී. 480 ක් පමණ දුරින් (ආසන්න වශයෙන් උතුරු අක්ෂාංශ 8.4 හා නැගෙනහිර දේශාංශ 86.3ආශ්‍රිතව) පවතී. 


ඉදිරි පැය 12 තුලදී එය සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වෙමින් වයඹ ‍‍දෙසට බරව ‍ යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අ‍පෙක්ෂා ‍කෙරේ. එය දෙසැම්බර් මස 01 දින මධ්‍යම රාත්‍රි යෙදී උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන්කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස 02 දක්වා දිවයිනට උතුරු, නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවේ. මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලයහරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වේ.


සුළං උතුර සිට වයඹ දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලයසහ මඩකලපුවහරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුද ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.


කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලයහරහාමඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල දැනට පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී.70-80)ඇති වියහැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 
(ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටියි)

No comments:

Post a Comment

Post Bottom Ad