'ආවා' හැදුණු හැටි ඇමති රාජිත හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

'ආවා' හැදුණු හැටි ඇමති රාජිත හෙළිකරයි

'ආවා' හැදුණු හැටි ඇමති රාජිත හෙළිකරයි

2015 වර්ෂයේ උතුරේ ඡන්ද මංකොල්ලකෑම් ඇතුළු තවත් අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් බිහිකළ යාපනයේ ආවා ගෲප් කල්ලිය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නොව අළුතින් නීතී සකසා හෝ අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) වවුනියාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

වවුනියාවේ සිදුකළ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවන්ට ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පැමිණි අවස්ථාවේදී ඔහුගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළවිට එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලද්දේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ආවා ගෲප් කල්ලිය නිර්මාණය කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ බව යළිත් අවධාරණය කොට කියාසිටි අතර එය නිර්මාණය කළේ 2015 වසරේදී උතුරේ ඡන්ද මංකොල්ලකෑමට බවත් එය නිර්මාණය කළ අය පිළිබඳව සියළු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් පැවසීය.

උතුරු පළාත ඇතුළුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් ඇති බව හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මන්දැයි විමසූ විට අමාත්‍යවරයා කියාසිටියේ එම ආරක්ෂාව බිඳදමන ලද්දේ එවැනි ප්‍රකාශ කරන පිරිසම බවයි.

හමුදා කුමන්ත්‍රණයක් මගින් මේ රටේ බලය වෙනස්වීමක් කවරදාක හෝ සිදු නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහත පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පළාත් සභාවක් මහ අලියෙකු කරන්නේත් සුදු අලියෙකු කරන්නේත් මහ ආණ්ඩුව බව කී අමාත්‍යවරයා උතුරු පළාත් සභාව ශක්තිමත් කිරීමද බලය විමධ්‍යගත කිරීමද පියවරෙන් පියවර කරගෙන යන බව පැවසීය.

අයවැයෙන් වෙන්කරන ලද මුදල් ප්‍රමාණවත් නොවන පළාත් සභා ඇත්නම් ඒ පිළිබදව මුදල් අමාත්‍යංශය දැණුවත් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

දිනසේන රතුගමගේ

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad