නව ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පතට කොමිස් කාක්කෝ කෑගසති - ටෙන්ඩර් හුටපටය මැද කොමසාරිස් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

නව ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පතට කොමිස් කාක්කෝ කෑගසති - ටෙන්ඩර් හුටපටය මැද කොමසාරිස් ඉවතට

නව ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පතට
කොමිස් කාක්කෝ කෑගසති
ටෙන්ඩර් හුටපටය මැද කොමසාරිස් ඉවතට



පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව ඉලෙක්ටට්‍රොනික හැඳුනුම්පතක් ශ්‍රී ලංකා පුරවැසියන් වෙත හඳුන්වාදීමට සූදානම් වන අතරේ ඒ සම්බන්ධ ටෙන්ඩර් ලබාදීම ගැන වාද භේද හටගෙන තිබෙන අතර ඒ අස්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වරයාව විෂයභාර ඇමති එස්බී නාවින්න විසින්
ඉවත් කර තිබේ.
අභ්‍යන්තර ටෙන්ඩර් ජරමරය හේතුවෙන් මෙම ක්‍රියාවලියම දැනට ඇණහිට තිබෙන බවද දැනගන්නට ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අදාළ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත සඳහා ටෙන්ඩර් කැඳවීමේදී එක් කාඩ්පතක් සඳහා වන වියදම රුපියල් 40, 76, 140 ආදී වශයෙන් එක් එක් සමාගම් විසින් මිල

ගණන් ඉදිරිපත් කර තිබූ අතර සාමාන්‍යයෙන් සුළු අඩුවැඩිවීම් තිබිය හැකි එවැනි මිලක් දෙතුන්ගුණයක වෙනසකින් පැවතීම සැකයට හේතුවී තිබිණි.

ඇතැම් ප්‍රධානීන් වෙත ලබා දිය යුතු කොමිස් මුදල් ඇතුළත් වීම හේතුවෙන් මෙසේ මිල මට්ටම් ඉහළ නැඟ තිබූ බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කර තිබුණි.
 ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුව නිකුත් කෙරෙන මෙම නව  හැඳුනුම්පත ප්‍රථමයෙන් දස ලක්‍ෂයක් පුරවැසියන් වෙත නිකුත් කිරීමටත් අනතුරුව පියවරෙන් පියවර නව හැඳුනුම්පත නිකුත් කිරීමටත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණ අතර වර්තමාන හැඳුනුම්පත් වල පවතින වංචා කිරීමේ හැකියා රාශියක් අවම කිරීමද එම වෙනස්කමෙහි අරමුණ විය.

කෙසේ වෙතත් ලංකාවේ මිලියන ගණනක ජනගහණය ආවරණය කරමින් නව හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළ ටෙන්ඩරය ලබාගැනීම විශාල ලාභ ඉපයිය හැකි ව්‍යාපෘතියක් නිසා මේ සම්බන්ධ අභ්‍යන්තර වාද භේදද හටගෙන තිබිණි.
කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා එම තනතුරින් ඉවත් කරන්නට ඇමති එස්බී නාවින්න හදිසියේ තීරණය කර තිබෙන්නේ මේ අතරවාරයේය. ආගමන විගමන පාලක ලියාන් ජයතිලක මහතා ඒ වෙනුවට වැඩ බලනු ඇති බව ඊයේ ඇමතිවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad