පාර්ලිමේන්තුවට කලවැද්දෙක් ඇවිත්

පාර්ලිමේන්තු පරිශ්‍රයට කලවැද්දකු පැමිණීම නිසා යම් කලබලකාරී තත්ත්වයක් උදාවූ බව වාර්තා වේ. මෙම
කලවැද්දා පාර්ලිමේන්තු

පරිශ්‍රයට පැමිණ ඇත්තේ පසුගිය 18 වැනිදා සිකුරාදාය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි කානුවක රිංගා සිටියදී මෙම කලවැද්දා දැක ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසකි. එම සේවකයන් මහත් පරිශ්‍රමයක් යොදා කලවැද්දා අල්ලාගෙන පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් ඇත. දියවන්නා ඔය ආශි්‍රත කැලෑබද ප්‍රදේශයක සිට මෙම කලවැද්දා පැමිණෙන්නට ඇතැයි සැකකෙරේ. නයා, පොළඟා, මාපිලා, පිඹුරා වැනි සර්පයන් ගණනාවක්ම පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිට මීට පෙර සොයා ගැනුණි.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment