'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පික

'පැරණි ක‍්‍රමයට ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ' - චම්පිකපැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගාගැනීමට නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව හෝමාගම ඉදිවන තාක්‍ෂණික නගරයේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම අද(11) දින බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරෙහි 11 වන මහලෙහි පිහිටි ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මේ මහා නගර ව්‍යාපෘතියේ තවත් වැදගත් පියවරක් හැටියට අපේ තාක්ෂණ නගරයේ යටිතල පහසුකමක් වන ඩිජිටල් යටිතල පහසුකම නැංවීම අපේ ආණ්ඩුවේ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සිදුකරන්න අද අපි ගිවිසුම් ගත වෙනවා. 

මෙතැන් සිට ඒක අපිට විවෘතයි එම නගරයේ කටයුතු කරන  ඕනෑම කෙනෙකුට, වෙනත් සේවාදායකයෙකුගේ ඒ යටිතල පහසුකම මත පදනම් වෙලා තම සේවාවන් ලබාගැනීමට හැකිවෙනවා. ඇයි අපේ රටට විදේශ ආයෝජන එන්නෙ නැත්තේ. මේ වසරේ අපට විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 700 ක් පමණයි. 

නමුත් මියන්මාරයට ඩොලර් මිලයන 8900 ක් මේ වසරේ පළවෙනි මාස 9 ඇතුලේ ගිහින් තියෙනවා. මියන්මාරය වැනි රටකට එවැනි කි‍්‍රයාවලියක් සිදුවෙලා තියෙන්නේ හා අපට මෙවැනි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ අපේ මොනවා හරි අඩුපාඩුවකින්. අපට කිසියම් ගැටළුවක් තියෙනවාද? කියන ප‍්‍රශ්නය අපි බලන්න  ඕනේ. 

හුගක් දෙනෙක් කියන දෙයක් තමයි අපේ නීති ඒ වගේම අපේ අවසර ලබාගැනීමේ කි‍්‍රයාවලිය ආදී ඉතාම දුෂ්කර කි‍්‍රයාවලයක් කියලා. ඉඩම් ලබාගැනීම, පරිසර බලපත‍්‍ර ලබාගැනීම සහ අනෙකුත් කටයුතු ආයෝජකයින්ට ඉතාම දුෂ්කරයිලූ. 

ඒ අතරට යම් යම් අයට යම් යම් ආකාරයේ ව්‍යාපෘතින් සඳහා කොමිෂන් ආදිය ලබා දෙන්න වීම නිසා මේ අපේ රටට ආයෝජකයෝ එපාවෙලා කියලා අදහසක් පළකරලා තියෙනවා.  කාලයකට ඉස්සෙල්ලා කිව්වා යුද්ධය නිසා අපට ආයෝජකයො එන්නේ නැහැ කියලා. මෙහි පදනම තමයි දැන් තවදුරටත් මේ ශ‍්‍රී ලංකාව ලාභ ශ‍්‍රමය, ලාභ බලශක්තිය, ලාභ අමුද්‍රව්‍ය, ලාභ පරිසර නීති මත ශ‍්‍රී ලංකාවට ආයෝජකයන් ඇද ගැනීම කළ නොහැකියි. 

මේක පසුගිය රජයන් ගණනාවක්ම උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ක‍්‍රියාදාමයක්. එයට හේතුව අපේ අධික ශ‍්‍රම මිල ගණන්. අපේ අධික බලශක්ති මිල ගණන්. අපේ පරිසර නීති වැඩියි. ඒ වගේම අපේ ඒ ආකාරයේ කර්මාන්තවලට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි.

එනිසා ඒ පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ. පෙරළා අපේ 77 ඉඳන් ආරම්භ කරපු වෙළඳ කලාප හරහා අපිට ඇගලූම් ක්‍ෂෙත‍්‍රයේ හැරෙන්න, අනෙක් කිසි ක්‍ෂෙත‍්‍රයක අපට බැරි උනා නිසිආකාරයෙන් තාක්ෂණය අවශෝෂනය කරගෙන අපේම වූ නිර්මාණ ප‍්‍රමාණයක් එළියට දාන්න. විදේශ ප‍්‍රාග්ධනය, විදේශ තාක්ෂණය මත පදනම්වෙලා දේශීය ප‍්‍රාග්ධනය, තාක්ෂණය කියන තැනට යන්න අපට බැරි උනා. 

ඒ පැත්තෙන් ගත්තම වෙනත් විදේශ රටවල් විශේෂයෙන්ම චීනය, මැලේසියාව, තායිලන්තය විශාල ඉදිරි පිම්මක් සැලසුම් කරලා තියෙනවා. අද ලෝකයේ සීග‍්‍රයෙන්ම ඉදිරියට යන වියට්නාමය මහා ඉදිරි පිම්මක් සලකුණු කරල තියෙනවා. වියට්නාමය ගැන අපි බැලූවහම අද ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රමාණය සමාන අපනයන ප‍්‍රමාණයක් තිබිච්ච රටක් මීට දශක දෙකකට කලින්. 

අද ශ‍්‍රී ලංකාවේ අපනයන ගූණය වගේ පහළොස් ගුණයක් විශාල අපනයක් කරන රටක්. විශාල ඉතිරි කිරීමක් කරලා තියෙනවා. අපේ ව්‍යූහාත්මක වෙනස්කම් වගේම අපි දැන් න්‍යායාත්මක වෙනසක් කරගත යුතුයි. ඒ න්‍යායාත්මක වෙනස තමයි ලාභ ශ‍්‍රමය, ලාභ බලශක්තිය, ලාභ පරිසරය මත ආයෝජකයින් කැඳවා ගන්න බැහැ නවෝත්පාදනය තමයි එකම මග ශ‍්‍රී ලංකාවට දැන් අලූත් ආර්ථික වර්ධන වේගයක් ගේන්න. 

ඒ සඳහා තමයි අපි ඇති කළේ අධිවේගී මාර්ග ඊට සමාන්තරව කහතුඩුවේ සිට කඩුවෙල දක්වා ප‍්‍රදේශය මහා ආයෝජන නගරයක්, නවෝත්පාදන නගරයක් හැටියට විවිධ තාක්ෂණයන් ඉදිරියට ගන්න.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad