ඩිලාන්…දුවලා ගිහින් බැසිල්ව හපලා වරෙන්….සිරිසේන ඩිලාන් ටොමියාට වැඩක් පවරයි….ශ්‍රිලනිප මලගමට සියල්ල සුදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

ඩිලාන්…දුවලා ගිහින් බැසිල්ව හපලා වරෙන්….සිරිසේන ඩිලාන් ටොමියාට වැඩක් පවරයි….ශ්‍රිලනිප මලගමට සියල්ල සුදානම්

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලනීක මෙහෙයුම අනුව ආරම්භ වු නව දේශපාලන පක්ෂය විනාශ කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේනගේ බත් බැලයන් කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය කැබිනට් රැස්ව්මෙන් පසුව රැස්වු සිරිසේනගේ බත් බැලයන් පිරිස අමතමින් සිරිසේන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ අකමැත්තෙන් වුවද ලබන වසරේ නගර සභා මැතිවරණවත් අවම වශයෙන් පැවැත්විමට තමන්ට සිදුවන බවත් එයට වෙනම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරිමට සිදුවන බවයි. 

ඒම නිසා ඒ සදහා දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රීලනීපය ඉක්මනින්ම ශක්තිමත් කිරිමට වැඩ පිළිවෙළක් අවශය බවයි. ඒ සියල්ලටම කලින් නව පක්ෂයට ශ්‍රීලනීප සමාජිකයන් බුරුතුපිටින් එකතුවිම් වහාම නතරකරගත යුතු බවත් ඒ සදහා වහාම නව පක්ෂය තුල අර්බුද නිර්මාණය කලයුතු බව සිරිසේන ජනාධිපතිවරයා සිය බත් බැලයන් හමුවේ පවසා තිබේ.

බැසිල් දැන් ශ්‍රීලනිපයේ සමාජිකයන් අතර විශ්වාසය දිනාගෙන ඒක් අපිට පාඩුවක්…ඒ නිසා පුලුවන් තරම් ඒ විස්වාසය බිඳින්න වැඩ කලයුතු බවත් සිරිසේන පෙන්වා දි තිබේ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” ලෙස කටයුතු කිරිම සදහා මේ වනවිට සුදානමක් ඇති බවත් පක්ෂයක් ලෙස ඔහුන් ඉදිරිපත් වුවහොත් එය පාර්ලිමේන්තුව තුල බරපතල ගැටලුවක් විය හැකි බවයි සිරිසේන ජනාධිපතිවරයාගේ අදහස වි ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නිර්මාණය වු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා අවසාන බවත් ගම්මට්ටමේ ශාඛා සමිතියක් සාදා ගැනිමටවත් ශ්‍රීලනීප පක්ෂ සාමාජිකයන් එකතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවත් එහිදි කෘෂි අමාත්‍ය දුමින්ද දිසානායක පවසා ඇති අතර එයට පිළිතුරු දෙමින් එස්.බී දිසානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ බැසිල් පක්ෂය මෙහෙයවිමට අතට ගැනිම භයානක තත්ත්වයක් බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ බැසිල් දිවි නැගුම වැඩ සටහන යටතේ ගම් මට්ටමේ බලය ඔහු සුක්ෂම අකාරයට අල්ලා ගැනිමට කටයුතු කර ඇති බවයි.

“බැසිල් …මේකේ යාන්ත්‍රනය හරියටම හදලා…ග්‍රාමසේවා වසම් සියල්ලම ආවරණය වන විදියටයි…මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ…එක හරිම භයානකයි…” එස්.බි ඇස් ලොකුකර කට හැකර කරගෙන පවසා තිබේ. “විමල්ටත් බැසිල් එක්ක ප්‍රශ්ණ තියෙනවා..දැන් එ ඔක්කොම අමතක වෙලා….ඒවා ආපහු අවුස්සලා ගත්තානම් හරී…” පැරදි කුජිතව සිරිසේනගේ අගුපිලේ ලැග රාජ්‍ය අමාත්‍ය කට්ටක් ගත් ඩිලාන් පෙරේරා එක හුස්මටම කියාගෙන ගොස් තිබේ.

එහිදි සිරිසේන ජනාධිපතිවරයා ඩිලාන්ට කින්ඩි හිනාවක් දමමින් පවසා ඇත්තේ…”ඔයාලාව මම ගත්තේ එකට තමා…හිටං…දැන් ඔයාලා ඒ වැඩේ කරන්න …” .යනුවෙනි. පසුව එම සාකච්ඡා අවසන් වු වහාම රතු අලී පැටියාගේ ලංකා ටෘත් වෙබ් අඩවියෙ පුංචි පහේ හිගන පැටියෙක් අල්ලා ගත් දුමින්ද අමුතුම අකාරයේ පුවතක් පලකරවා තිබේ.

බැසිල් මාස 4කට රට යන්න අවසර ඉල්ලීම සැකයක්! යනුවෙන් පලකර තිබු එම පුවත් හරහා ශ්‍රීලනිප බත් බැලයන් උත්සහ දරා ඇත්තේ නව පක්ෂය අතර අර්බුදයක් නිර්මාණය කිරිමට වන අතර එම පුවත් අවසන් කර තිබුනේ ….”පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර සිටියේ බැසිල් කියන්නේ නායකයෙක් නෙවෙයි කියාය.” යනුවෙන් අතේ රෝලක්ද ගසමින්‍ ය.

අදාල සම්පූර්ණ පුවත පහත දක්වා තිබේ.

උපුටා ගැන්ම රතු අලි පැටියාගේ ලංකා ටෘත් වෙබ් අඩවිය

බැසිල් රාජපක්ෂ තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඇමෙරිකාව වෙත යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා අවසර අවසර දෙන්නැයි අද (22) කොළඹ මහාධිකරණයෙන් කර තිබෙන ඉල්ලීම පිළිබඳව බරපතළ සැකයක් මතුව තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතා ඇත්නම් එළැඹෙන 25 වැනි දින ගොනු කරන ලෙසට මහාධිකරණය නීතිපතිවරයා වෙතද ඇත.රජපක්ෂ පාලන සමයේ සිදුකරනු ලැබූ බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක මාස හතරකට ආසන්න කාලයක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ඉල්ලීම ගැටලු සහගත තත්වයකි.

ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් විරෝධය පළකර තිබියදී බැසිල් රාජපක්ෂ පසුගියදා ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර ඉන් පසු ඒකාබද්ධ විපක්ෂයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙන බවද වාර්තා වේ. එම විරෝධය හමුවේ ඔහු මෙලෙස විදේශ ගතවීමට සූදානම් වන්නේ දැය යන සැකයක්ද මතුව තිබේ.

පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර සිටියේ බැසිල් කියන්නේ නායකයෙක් නෙවෙයි කියාය.

උපුටා ගැන්ම අවසන්…

ඒ අනුව පැරදි කුජිතව සිටින සිරිසේනගේ රජගෙදර වලං හුරාගෙන කන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ දිනවල බැසිල් ඉලක්ක කර මඩ ව්‍යාපාරයක් දියත් කරමින් සිටි දිනපතා මාධ්‍ය හමු තබමින් රෑ ආප්ප කා උදේ පක්ෂය එජාපයට පාවාදුන් අමන තකතීරූ සිරිසේන අමතක කර බැසිල් -රනිල් ඩිල් එකක් ගැන නන්දොඩවන්නට පටන්ගෙන තිබේ.

ඩිලාන් කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා සහ එජාප කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇති බවයි.මේ පිළිබද සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණ කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඒ පිලිබඳ අභියෝග කරන්නේ නම් පැය 24ක් තුළ සියල්ල හෙළිදරවු කිරීමට තමා සුදානම් බව ඩිලාන් පෙරේරා තප්පුලා තිබේ.

ඩිලාන් මේ තරම් තප්පුලන්නේ වෙන කිසිවක් නිසා නොව සිරිසේනගේ ඇම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය හමුවි වැද වැටෙමින් නව පක්ෂයේ සාමාජිකත්වය නොගෙන ශ්‍රීලනිපය සමග එක්ව ඉදිරි මැතිවරණ සදහා තරග කරන ලෙස ඒකාබද්ධ මන්ත්‍රීවරුන් හමුවි කල ඉල්ලිම පිළිබඳව අප මීට පෙර අනාවරණය කිරිම නිසාය.

එම ඉල්ලිමට කිසිවෙකුත් කන් නොදිම හේතුවෙන් ශ්‍රීලනිපයේ මලගම දැන් පෙනෙනෙ මානයටම පැමිණ තිබේ.ඒ නිසාම වන්නට ශ්‍රීලනිපයේ සිරිසේනගේ මලගමට කර ගසන්නට සිටින මේ බත් බැලයන්ට හැන් මරාගෙන මැරෙන සටනක් කරන්නට සිදුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලය අහිමිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිම සදහා අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයා අතහැර දැමිමට සුදානමින් සිටින බවත් ඒ සදහා සහය ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ආණ්ඩුවේ මෛත්‍රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පිරිසක් හමුවි අයාචනය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සම්පූර්ණ පුවත බලන්න –  සිරිසේනට කෙලවෙන්නයි යන්නේ…..සිරිසේනගේ ඇම කල්ලිය ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප ඉදිරියේ දණින් වැටේ

මේ අතර නව පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සදහා සිරිසේනගේ බත් බැලයන්ගේන් පඩි ලබන් විවිධ පුද්ගලයන් සම්බන්ධ කරවිමට මේ වන විටත් විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේමින් තිබේ.ඒ ආකාරයේ උත්සහයන් රැසක් විවිධ කල්ලි කණ්ඩායම් යොදවා ක්‍රියාත්මක වුවද ඒ සියල්ලම ව්‍යාර්ථ කිරිමට නව පක්ෂයේ නිළධාරි සමත්ව ඇති බවද අනාවරණය වේ.

ලංකා ඉතිහාසයේ මේ තරම් වේගයෙන් පක්ෂයේ සමාජිකත්වය ලබා ගනිමින් පක්ෂ ක්‍රියාකාරින් ලෙස අතී විශාල පිරිසක් එකතු වු පලමු පක්ෂය ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තාවක් තබන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාලක ලේකම් රේනුක පෙරේරා අප විශේෂ වාර්තාකරුවෙකු කල විමසීමේදී සදහන් කර තිබේ.

ගම්මට්ටමින්,නගර මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිටත් පක්ෂයේ සමාජිකත්වය සහ සංවිධායක ධුරයන් ඉල්ලා විශාල ඉල්ලුම්පත් සංඛාවක් දෛනික ලැබෙන බවත් ඉතා ඉක්මනින්ම ඔහුන් නව පක්ෂයේ සමාජිකයන් ලෙස බදවා ගැනිම සදහා කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ. සියලුම ග්‍රාමසේවක වසම් ආවරණය වන පරිදි ශාඛා සමිති ආරම්භ කර සාමාජිකයන් බඳවා ගැනිමට මේ වනවිටහ් කටයුතු කරමින් සිටින අතර පක්ෂය පවා දුන් අය නව පක්ෂයට බදවා නොගන්නා බවද ඔහු සදහන් කලා.


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad